27.8 C
Colombo
Thursday, July 17, 2025

සුපිරි පෝෂ් රථය නිසා රෝසි අපාදුක් විඳලා. කවදාවත් ඩිකිය ඇරලත් නැහැ

- Advertisement -

මේ වන විට ආන්දෝලනාත්මක තත්ත්වයට පත්ව තිබෙන රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදේශකවරියක් ලෙස කටයුතු කළ රෝසි සේනානායක මහත්මිය භාවිතා කළ පෝෂ් වර්ගයේ මෝටර් රථය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා ඇය අද (02) ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණා.

එහිදී ඇය සඳහන් කළේ ජනාධිපති උපදේශකවරිය ලෙස කටයුතු කළ වසරක කාළය තුළ ඇයට වාහන 8 ක් ලබාදුන් බවත් එම සියලු වාහන අබලන් තත්ත්වයේ පැවති ඒවා බවයි.

පෝෂ් වර්ගයේ මෝටර් රථයක් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් තමන්ට ලබා දී තිබුණේ, ඊට පෙර ලබා දී තිබුණු මෝටර් රථ සියල්ල විවිධ හේතූන් මත කාර්මික දෝෂයන්ට ලක්වීම හේතුවෙන් බව රෝසි සේනානායක මහත්මිය පවසනවා.

තමන් කිසිසේත්ම සුඛෝපභෝගී මෝටර් රථයක් ඉල්ලා නොසිටි බව පවසන රෝසි සේනානායක මහත්මිය, අදාල පෝෂ් මෝටර් රථය, ශ්‍රාවස්තියේ පුස්කමින් තිබූ එකක් බවද මාධ්‍ය අමතමින් සදහන් කළා.

තමන්ට මෙම රථය ලබා දුන් අවස්ථාවේදී එය නාරාහේන්පිට කිරිමණ්ඩල මාවතේදී කඩා වැටුණු බවත් එය අධික ලෙස ඉන්ධන කා දමන රථයක් බවත් ඇය පෙන්වා දෙනවා.

මෙම පෝෂ් මෝටර් රථය ඇතුළට වතුර ගලන බවත්, සන් රූෆ් එක වේයෝ කා තිබුණු අතර කිසි දිනෙක ඩිකිය ඇරගන්න බැරි වූ රථයක් බවද ඇය දුක සේ මෙහිදී සදහන් කළා.

RECENT ARTICLES - SINHALA

ටික් ටොක් සමාගමෙන් සුභ ආරංචියක්

TikTok සාමාජ මාධ්‍යයේ  නියෝජිත පිරිසක් සහ අග්‍රාමිත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා අතර හමුවක් ඊයේ (16) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදුව තිබෙනවා.  විනෝදාස්වාදයෙන් ඔබ්බට ගොස් ආර්ථික අවස්ථා පුළුල්...

විදුලිබල පනත් කෙටුම්පත පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව අද රැස්වෙයි

ශ්‍රී ලංකා විදුලි බල සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සලකා බැලීම සඳහා යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව අද (17)...

ගැරී ආනන්දසංගරී LTTEයට සහාය දුන් බවට චෝදනාවක්

එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකුට පුරවැසිභාවය ලබාගැනීම සඳහා සහාය පළකර ඇති බවට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත කැනඩාවේ මහජන ආරක්ෂක අමාත්‍ය ගැරී ආනන්දසංගරී මහතාට චෝදනා එල්ල වී තිබෙනවා. විදෙස්...

POPULAR ARTICLES