ඉල්ලා අස් වූ රාජකීය විද්‍යාලයේ විදුහල්පති බී.ඒ. අබේරත්න මහතාට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශයේ තනතුරක් ලබා දීමට නියමිත බව වාර්තා වේ.
කොළඹ රාජකීය විදුහල්පති ලෙස කටයුතු කළ බී.ඒ. අබේරත්න මහතා සිය ධුරයෙන් ඉල්ලා අස් වී ඇත්තේ තමන්ට එල්ල වූ ආදි ශිෂ්‍ය සංගමයේ බලපෑමක් මත බව ඒ මහතා තම හිතවතුන් කිහිපදෙනෙකුටම පවසා ඇත.
ඒ මහතාගේ ඉල්ලා අස් වීමේ ලිපිය අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා වෙත පසුගිය සතියේ භාර දී ඇත.
රාජකීය විදුහලේ විදුහල්පති ධුරයේ වැඩ බැලීම සඳහා එහි නියෝජ්‍ය විදුහල්පතිවරයා පත් කරන බවත් ඉන් පසු විදුහල්පති ධුරයට වෙනත් අයෙකු පත් කරන බවත් වාර්තා වේ.
සබැදි පුවත්