32 C
Colombo
Friday, March 31, 2023

බුදුදහම උගන්වන්න පැමිණි හිමිනමට ‘රාජකීය’ ගේට්ටුව පස්වතාවක් වැසේ

- Advertisement -

කොළඹ රාජකීය විද්‍යාලයට ස්ථාන මාරුවීමක් ලැබ පැමිණි හිමිනමකට වැඩ භාරදීම පස්වතාවක්ම ප්‍රතික්ෂේප කොට ඇතැයි අනාවරණය වේ.

විදුහල් පාලන අධිකාරිය මගින් මෙලෙස වැඩ භාර නොදීමට කටයුතු කර ඇත්තේ බුද්ධ ධර්මය හා බෞද්ධ සංස්කෘතිය උගැන්වීම සඳහා පැමිණි ස්වාමින් වහන්සේ​ නමකටය.

එක් වරක දී ස්වාමින් වහන්සේට පවසා ඇත්තේ දානය වැළඳීම සඳහා ස්ථානයක් නොමැති හෙයින් වැඩ භාර දිය නොහැකි බවය. පාසලේ ස්වාමින් වහන්සේලාගේ අතිරික්තයක් පවතින හෙයින් වැඩ භාර දිය නොහැකි බව තවත් අවස්ථාවක දී ප්‍රකාශ කළ බවත් අසාධාරණයට ලක්ව සිටින අම්බලන්ගොඩ ධම්මාලංකාර හිමියෝ පැවසූහ. තමන් වහන්සේට වැඩ භාර නොදීම පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයට මෙන්ම කොල්ලුපිටිය පොලිසියට ද පැමිණිලි කළ බවත් උන්වහනසේ පවසයි.

ඉහත විෂයයන් සාමාන්‍ය පෙළ හා උසස් පෙළ පන්ති සඳහා උගන්වන උන්වහන්සේ රාජකීය විදුහලට ස්ථාන මාරු කර ඇත්තේ දෙහිවල ප්‍රෙස්බිටේරියන් පාසලේ දෙවසරක සේවා කාලයකින් පසුව ය. ඊට පෙර උන්වහන්සේ මොරටුව වේල්ස් කුමර විදුහලේ දස වසරක සේවා කාලයක් සපුරා ඇත.

RECENT ARTICLES - SINHALA

අධිවේගී බස් ගාස්තු පහළට

ඉන්ධන මිල පහළ දැමීමට සමගාමීව අධිවේගී බස් ගාස්තු ද සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව, අදාළ ගාස්තු අද (මාර්තු 31)...

ජල සම්පාදන මණ්ඩලය දැඩි මූල්‍ය ගැටලුවක

ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසන්නේ මාස කිහිපයක් ජල බිල්පත් නොගෙවූ පාරිභෝගිකයින් 40,000කට අධික සංඛ්‍යාවක ජල සබඳතා විසන්ධි කිරීමට සිදුව ඇති බවයි.

කොල්ලුපිටියේදී 18 හැවිරිදි සිසුවෙක් පොලිස් නිලධාරියෙක් යටකර පළායයි

කොල්ලුපිටිය මුහුදු මාවත ප්‍රදේශයේ කාල්විල් හන්දියේ රථවාහන රාජකාරීවල යෙදී සිටි    පොලිස් නිලධාරියෙකුව එම ස්ථානය පසුකර ගිය වෑන් රථයක් යටකර පළාගොස් තිබෙනවා.

RECENT ARTICLES - ENGLISH

Smuggling gold: Uebert Angel stripped of diplomatic impunity

0
Zimbabwean President Emmerson Mnangagwa has stripped presidential envoy and ambassador-at-large self-styled Prophet Uebert Angel of his diplomatic status in the aftermath of...

අද ඩොලරය ඉහළට

ශ්‍රී ලංකා  මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද(31)නැවත වැඩි වීමක් සිදුව තිබෙනවා.

Former US president faces criminal charges

0
Donald Trump has become the first former president of the United States to face criminal prosecution, but the charges have not been...