33 C
Colombo
Friday, March 29, 2024

කොවිඩ් ආසාදිත සුනිල් පෙරේරා මියගිය බවට පැතිරෙන කටකතා අසත්‍යක්

- Advertisement -

මේ වන විට කොවිඩ් 19 වෛරසය ආසාදිතව පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින ජිප්සීස් ගායක කණ්ඩායමේ නායක සුනිල් පෙරේරා මහතා මිය ගිය බවට පැතිරෙන කටකතා අසත්‍යක් බව ඔහුගේ සොහොයුරු පියල් පෙරේරා මහතා පවසනවා.

ඔහු සදහන් කරන්නේ රෝගී තත්ත්වයෙන් පසුවී ඔක්සිජන් ආධාරයෙන්ද ශ්වසන පහසුකම් ලබාගත් සුනිල් පෙරේරා මහතා මේ වන විට ක්‍රමයෙන් සුවවෙමින් සිටින බවයි.

එබැවින් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වන එම අසත්‍ය පුවත සම්පූර්ණයෙන්ම බැහැර කරන බව පියල් පෙරේරා මහතා සදහන් කළා.

මේ අතර ජිප්සීස් සංගීත කණ්ඩායමේ කීබෝඩ් වාදන ශිල්පී දුෂාන් ජයතිලක මහතාද සඳහන් කළේ සුනිල් පෙරේරා මහතා මියගිය බවට සමාජ මාධ්‍ය තුළ පලවන පුවත් අසත්‍ය බවයි.

පුද්ගලයෙක් දරුණු වසංගත තත්ත්වයෙන් රෝගාතුරව සිටින මෙම අවස්ථාවේදී එවැනි අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වැළැකී සිටින ලෙස ඔහු ඉල්ලා සිටිනවා.

RECENT ARTICLES - SINHALA

පෝට් සිටි අධිවේගී මාර්ගය විවෘත කෙරෙන දිනය

කොළඹ ඉඟුරු කඩේ මංසන්ධියේ සිට කොළඹ වරාය නගරය දක්වා අධිවේගී මාර්ගය ලබන ජූනි මස විවෘත කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා. කිලෝමීටර් 5.3ක දිගින් යුත්...

පොහොට්ටුව යළිත් දෙදරා යන ලකුණු

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂය තුළ පොහොට්ටු පක්ෂය තුළ අභ්‍යන්තර වශයෙන් බෙදීමක් හට ගෙන ඇති බවට පුවතක් ‘ඩේලි මිරර්’ වාර්තා කරනවා. ඉදිරි ජනාධිපතිවරණය සඳහා...

ළමුන්ගේ සහ කාන්තාවන්ගේ ආරක්ෂාවට නව නීති

සෑම පොලිස් ස්ථානයකම කාන්තා සහ ළමා අංශයක් ස්ථාපිත කිරීමට තමා උපදෙස් ලබා දී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඔහු මෙම අදහස් පළ...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...