ජාතික රූපවාහිනියේ විකාශය වන වැඩසටහන් රාශියක් නැවත දැනුම් දෙන තුරු නිෂ්පාදනය හා සජීවී විකාශය නතර කොට තිබෙනවා.
වැඩසටහන් නියෝජ්‍යය අධ්‍යක්ෂ ජනරාල් කාර්‍යාලය විසින් නිකුත් කල ලිපියක දැක්වෙන්නේ නැවත විකාශය කිරීමට සුදුසු වැඩසටහන් ඇත්නම් දැනුවත් කරන ලෙසයි.
එමෙන්ම, නේත්‍රා සහ අයි නාලිකා දෙකෙහි මෙතෙක් විකාශය කළ සියළුම වැඩසටහන් ද තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.