ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (19) නිකුත් කරන ලද මුදල් විනිමය අනුපාත වාර්තාවට අනුව ඊයේ දිනයට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් සහ ගැනුම් අගය අද සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව, අද දින එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අගය රුපියල් 318.26ක් ලෙස සටහන් වී තිබුණා.
මේ අතර, ඊයේ දිනයේ ඇමරිකානු ඩොලරයක ගැනුම් වටිනාකම රුපියල් 317.60 ක් ලෙස සටහන් වුණා.
මීට අමතරව අමෙරිකානු ඩොලරයක විකුණුම් වටිනාකම රුපියල් 329.60 ක් ලෙස සටහන් වී ඇති අතර ඊයේ දිනයේ එම අගය 328.83 ක් ලෙස සටහන් වූ බව වාර්තා වෙනවා