25 C
Colombo
Wednesday, March 19, 2025

රුසියානු හමුදාව යුක්රේන සෙබළුන්‌ පිරිසක් අල්ලයි

- Advertisement -

යුක්රේනයේ අව්දීව්කා නගරයෙන් පසුබසින යුක්රේන සෙබළුන්ගෙන් පිරිසක් රුසියානු හමුදාව විසින් අල්ලා ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

රුසියානු හමුදාව සමඟ පැවැති දරුණු ගැටුම් මධ්‍යයේ ඩොනෙට්ස්ක් නගරයට වයඹ දෙසින් පිහිටි අව්දීව්කා නගරයෙන් පසුබසින බව ඊයේ (16) යුක්රේන හමුදාව නිවේදනය කර තිබෙනවා.

රුසියානු හමුදාව එල්ල කරන දරුණු ප්‍රහාර හමුවේ ගත හැකිව තිබූ නිවැරදිම තීරණය නගරයෙන් පසුබැසීම බවත් පසුබසින අවස්ථාවේ හමුදාවේ පිරිසක් රුසියානු හමුදාව විසින් අල්ලා ගනු ලැබ ඇති බවත් යුක්රේන හමුදාවේ දකුණු කලාපයේ අණදෙන නිලධාරී ඔලැක්සැන්ඩර් ට්‍රැනව්ස්කි ප්‍රකාශ කර තිබෙනවා.

එසේම යුද්ධයේදී රුසියානු හමුදාවට සෑම අතින්ම වාසියක් තිබෙන බවද ඔහු පැවසුවා.

ගතවූ පැය 24 තුළදී රුසියානු හමුදා අව්දීව්කා නගරයට ගුවන් ප්‍රහාර 20 ක් හා කාල තුවක්කු ප්‍රහාර 150 ක් එල්ල කර තිබෙන බවත් රුසියානු හමුදා අව්දීව්කා නගරය පෘතුවියෙන් මකා දැමීමට උත්සාහ කරන බවත් අණදෙන නිලධාරියා ප්‍රකාශ කළා.

රුසියානු හමුදා නගරයේ සිටින යුක්රේන හමුදාව සතර අතින් වටකිරීමට පෙර පසු බසින ලෙස සිය හමුදාවට අණ දුන් බව එම නිලධාරියා පැවසුවා.

RECENT ARTICLES - SINHALA

මහින්ද වැඩි ආරක්ෂාවක් ඉල්ලපු හේතුව

නිසි ආරක්ෂක ඇගයීමකින් තොරව තමන්ට සපයාදී තිබූ ආරක්ෂක නිලධාරීන්ගේ සංචිතය 60ක් දක්වා අඩු කිරීමට රජය විසින් ගනු ලැබූ තීරණය තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම්...

දේශබන්දු අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට 

රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය වෙත රැගෙනගොස් තිබෙනවා. දේශබන්දු තෙන්නකෝන් එහි සාමාන්‍ය වාට්ටුවක රඳවා ඇති බව‍යි වාර්තා වෙන්නේ. අධිකරණයෙන් සැඟවී දින...

රුපියල් මිලියන 3.8කට වැඩි කීරි සම්බා තොගයක් රාජසන්තක කෙරේ

පිටකොටුවේ වෙළෙඳසැලක තිබූ රුපියල් මිලියන 3.8 කට අධික වටිනාකමින් යුත් සහල් තොගයක් රාජසන්තක කර තිබෙනවා. පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය සඳහන් කළේ, වෙළෙදසැලේ සඟවා තබාගෙන සිටි...

POPULAR ARTICLES