මාධ්‍ය හමුවක් කැඳවමින් තමන් සම්බන්ධයෙන් අසත්‍ය සහ දේශ සහගත ප්‍රකාශයක් සිදු කළ බද්දේගම නයාපාමුල පදිංචි ආනන්ද ලැනරෝල් නැමැත්තාගෙන් රුපියල් බිලියනයක් ගෙවන ලෙස ඉල්ලා අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා විසින් එන්තර වාසි යවා තිබෙනවා.
දින 14ක් තුළ එම මුදල නොගවන්නේ නම් ඔහුට එරෙහිව අධිකරණයේ නඩු පවරන බවයි අධිකරණ අමාත්‍යවරයාගේ නීතිඥවරයා ආනන්ද ලැනරෝල් නැමැත්තාට දන්වා ඇත්තේ.
අදාල පුද්ගලයා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා තමන්ට එල්ල කර ඇති චෝදනා සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසා සිටියේ ඔහුගේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් බවත් ඒ හරහා අධිකරණ ක්‍රමයටම අපහාස වන බවත්ය.