28.3 C
Colombo
Saturday, April 20, 2024

ශ්‍රී ලංකා වාර්තාව අටවැනි වරටත් අලුත් කල සචිනි

- Advertisement -

2022 ආසියානු ක්‍රීඩා උළෙලට සුදුස්සන් තේරීම සඳහා පැවති දෙවැනි ජාතික මලල ක්‍රීඩා තේරීම් තරගාවලිය පසුගිය බ්‍රහස්පතින්දා (10) සහ සිකුරාදා (11) දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණා.

දියගම ක්‍රීඩාංගණය නවීකරණය කිරීමෙන් පසුව පැවති පළමු තරගාවලිය මෙය වූ අතර අලුත් ධාවන පථයක් සහ ක්‍රීඩාංගණයේ පැවති සුළං තත්වය නිසාවෙන් සිය උපරිම දස්කම් දැක්වීමට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හැකියාවක් ලැබුණේ නැහැ.

නමුත් මෙම තරගාවලියේ දී එක් ජාතික වාර්තාවක් සහ කනිෂ්ඨ වාර්තා දෙකක් බිඳ වැටුණු අතර තවත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙක් ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවයේ පරිසාධන මට්ටම් ඉක්මවා යෑමට සමත් වීම විශේෂත්වයක්.

දෙවැනි තේරීම් තරගාවලියේ වාර්තා වූ පළමු සහ එකම ජාතික වාර්තාව පිහිටුවීමට සමත් වුනේ සචිනි පෙරේරායි.

කාන්තා රිටි පැනීම ඉසව්වේ ජාතික වාර්තාවට හිමිකම් කියන සචිනි මෙම තරගයේ දී මීටර් 3.70ක දස්කමක් පෙන්නුම් කරමින් බිඳ හෙලුවේ ඇය විසින්ම පසුගිය මාසයේ දී මීටර් 3.65ක දස්කමක් දක්වමින් පිහිටුවා තිබූ වාර්තාවයි.

කාන්තා රිටි පැනීම ඉසව්වේ දිගු කාලීන ජාතික ශූරිය වන ඇය අවසන් වරට සහභාගී වූ තරගාවලි සියල්ලේ දී ම සිය ජාතික වාර්තාව අලුත් කිරීමට සමත් වීම විශේෂත්වයක්..

සනත් ගුණරත්න මහතා යටතේ පුහුණුවීම් ලබන රිටි පැනීමේ ක්‍රීඩක සංයුතියේ ක්‍රීඩිකාවක වන සචිනි තරගවලට සහභාගි වන්නේ යුද හමුදාව නියෝජනය කරමින් ය.

RECENT ARTICLES - SINHALA

අපේක්ෂකයා නැතත් පොහොට්ටුව තියනවා-නාමල් (වීඩියෝ)

ඉදිරි ජනාධිපතවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ අපේක්ෂකයා...

අයිස් සමග නාවික හමුදා ලොක්කෝ දෙදෙනෙකුත් මාට්ටු

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර්වරුන් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් 4 දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 510ක් සන්තකයේ...

ඉස්සන් කර්මාන්තය දැඩි අර්බුදයක

ඉස්සන් කර්මාන්තය තවදුරටත් පවත්වාගෙන යාම සඳහා ගැටලු රැසක් පැනනැගී ඇති බව ඉස්සෝ වගාකරුවන් පවසනවා. ඔවුන් සඳහන් කරන්නේ මෙම අසීරු තත්ත්වය මත තම කර්මාන්තය තවදුරටත් පවත්වාගෙන...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...

ඊශ්‍රායලයෙන් ඉවත් වෙන්නැයි ඕස්ට්‍රේලියානුවන්ට නිවේදනයක්

ඉරානය වෙත ඊශ්‍රායලය ප්‍රහාර මාලාවක් දියත් කිරීමත් සමඟ ඊශ්‍රායලයේ වෙසෙන සිය වැසියන්ට එරටින් ඉවත් වෙන ලෙස ඕස්ට්‍රේලියාව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. ඊශ්‍රාලයෙන් ඉවත් වීම...