මෙරටට පළමුව පැමිණි යුක්රේන ජාතික සංචාරකයන් පිරිස යාල වන උද්‍යානයේ සංචාරයට ගෙන ගොස් දින 14 ක් නිරෝධායනයට යැවීම හා එම ගමනේ අඩුපාඩු සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දැක්වූ සෆාරි රියදුරන් තිදෙනා නැවත යුක්රේන සංචාරකයන් යාල සංචාර සදහා ගිය අවස්ථාවේ සෆාරි ගමන් වලින් ඉවත් කර ඇත.
යාල වනෝද්‍යානයේ සංචාරය සදහා යුක්රේන සංචාරකයන් 65 දෙනෙකු අද (20) පැමිණ ඇති අතර පළමු සංචාරයට එක්ව මාධ්‍යයට කරුණු දැක්වූ සෆාරි රියදුරන් ඊට සම්බන්ධ කර නොගන්නා ලෙස දේශපාලන අධිකාරියෙන් දැනුම් දී ඇතැයි සෆාරි රියදුරන්ගේ සංගමයේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.
ඒ අනුව පෙර සංචාරයට එක්වූ රියදුරන් තිදෙනෙකු මෙම සංචාරයෙන් ඉවත් කර තිබේ. පළමු සංචාරයෙන් පසු යුක්රේන ජාතිකයන් ගෙන ගිය ජිප් රථ රියදුරන් දින 14 ක කාලයක් නිරෝධායනයට යොමු කිරීම නිසා එහි රියදුරන් කිහිප දෙනෙකු තමන්ට වූ අසාධාරණය සමාජ මාධ්‍ය හරහා මෙන්ම විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය හරහා ද ප්‍රකාශ කරන ලදි.
එම නිසා මීට පෙර සංචාරයට එක්වූ සෆාරි රථ රියදුරන් 28 දෙනාගෙන් තිදෙනෙකු මෙවර සංචාරයෙන් ඉවත් කර තිබේ.
මේ දිනවල සංචාරකයන් යාලට ගෙන එන්නේ ආණ්ඩුවේ මැදිහත්වීමෙන් බැවින් ඔවුන්ට කැමැති කණ්ඩායමක් තෝරාගත හැකි බව සෆාරි රියදුරෝ පවසති.
තමන් කළ සාධාරණ විවේචනය හේතුවෙන් යුද හමුදාව මේ කටයුතු සදහා මැදිහත්ව ඇති බවත් සියලු රියදුරන්ට ආරක්ෂිත ඇදුම් ලැබී ඇති බවත් රියදුරෝ කියා සිටිති.
ආණ්ඩුවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු මෙම කටයුතු සම්බන්ධීකරණය කරන බව පැවසූ මෙම රියදුරන්, ඔහුගේ මැදිහත්වීමෙන් මෙම රියදුරන් තිදෙනා කැපී ගොස් ඇතැයි ද සදහන් කරන ලදි.
නිරෝධායනය වූ කාලය තුළ තම නිවැසියන්ට විධිමත්ව ආහාර හෝ ලැබී නැතැයිද මෙම රියදුරෝ පවසති. වාහන ලීසිං ඇතුළු ගෙවීම් ඇති නිසා මෙවැනි අසාධාරණ ක්‍රියා නොකරන ලෙසද ඔවුහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
යුක්රේන සංචාරකයන් ගැන මාධ්‍යයට තොරතුරු දුන් සෆාරි රියදුරන් ඉවතට

- Advertisement -
RECENT ARTICLES - SINHALA
දිස්ත්‍රික්ක 3කට නායයෑමේ අනතුරු ඇඟවීම්
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මඟින් දිස්ත්‍රික්ක 3ක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා.
ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ,...
අපි කෘතිම බුද්ධිය ගැනත් පාසල්වල උගන්වනවා – ඇමති සුසිල්
මාර්තු 30 වනදා සිට 01 ශ්‍රේණියේ සෑම පන්තියකම ඉංග්‍රීසි භාෂාව කථනයෙන් භාවිත කිරීම දීපව්‍යප්ත මට්ටමින් ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල්...
පොලිස්පතිගෙන් සියළු පොලිස් ස්ථානවලට විශේෂ දැනුම් දීමක්
පොලීසිය විසින් සිදුකරන වැටලීම්, මෙහෙයුම්, සැකකරුවන්ගේ ප්‍රශ්ණ කිරීම්, අත්අඩංගුවට ගැනීම ආදිය සම්බන්ධව වීඩියෝ දර්ශන, පින්තුර මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කර ප්‍රචාරය කිරීම සියලුම...
RECENT ARTICLES - ENGLISH
Breaking: Dimuth to step down from captaincy
Sri Lanka Cricket Test Skipper Dimuth Karunaratna today said he has informed the SLC selection committee that he will step down from...
“We are no longer a bankrupt nation”: President
President Ranil Wickremesinghe said Sri Lanka will no longer be declared a bankrupt nation in the next few days.
BREAKING – Unit 3 of Norochcholai power plant breakdown again
Unit 3 of the Norochcholai Coal Power Plant has experienced a breakdown, Minister of Power and Energy Kanchana Wijesekera said.