28.4 C
Colombo
Friday, April 26, 2024

වඳ සැත්කම් කළා බොරු චෝදනා කරපු සාෆි සහබ්දීන්ට හිඟ වැටුපත් දෙනවා – නීතිපති

- Advertisement -

වඳ සැත්කම් කළේ යැයි අසත්‍ය චෝදනා මත අනිවාර්යය නිවාඩු යැවූ කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය සෙයිගු ෂිහාබ්දීන් මොහොමඩ් ෂාෆි මහතා වැඩ තහනමට ලක්ව සිටි කාලය තුළ ඔහුට හිමි විය යුතු හිඟ වැටුප් හා දීමනා ගෙවීමට පියවර ගන්නා බව නීතිපතිවරයා අද (23) අභියාචනාධිකරණයට දැනුම් දුන්නා.

සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියෙහි එම පෙත්සම කැඳවනු ලැබූවා.

වෛද්‍ය ෂාෆි මහතා විසින් ගොනුකළ රිට් පෙත්සම අද කැඳවනු ලැබූ අවස්ථාවේ දී මේ බව සඳහන් කරමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ආයතන අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් යොමුකර තිබූ ලිපියක් ද අධිකරණයට ඉදිරිපත් කරමින් අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන මහතා මෙම දැනුම්දීම සිදුකළා.

එම ලිපිය මඟින් අනාවරණය කර තිබුණේ ෂාෆි මහතා වැඩ තහනමට ලක්ව සිටි කාල සීමාව තුළ ඔහුට හිමි විය යුතු මූලික වැටුප, දීමනා, ජීවන වියදම් දීමනා සහ අතුරු දීමනා ආදිය ගෙවීමට පියවර ගන්නා බවයි.

තමන්ට අදාළ විනය පරීක්ෂණය කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැන්දගමුව මහතා විසින් පැවැත්වීම සම්බන්ධයෙන් වෛද්‍ය ෂාෆි මහතා සිය නීතිඥවරුන් මාර්ගයෙන් විරෝධය පළ කර තිබුණා.

එහෙත් එම ඉල්ලීමට විරුද්ධ වන බවද අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා සඳහන් කළා.

ඉන් අනතුරුව පෙත්සම වැඩිදුර සලකා බැලීම මැයි මස 31 වන දා තෙක් කල් දැමුණා.


RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිසේනගේ මැයි රැලිය ගම්පහ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කරන්න ඕන-බන්දුල ගුණවර්ධන

ගොඩ ගැසී ඇති සියලු ම රියදුරු බලපත් එළඹෙන අගෝස්තු මාසය වන විට නිකුත් කර අවසන් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන...

මත්පැන් හිඟ බදු මුදල් ගැන තීරණයක්

2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජුනි මස 30 වනදා වනවිට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...