29.1 C
Colombo
Friday, April 26, 2024

‘සනීපාරක්ෂක තුවා නොමිලේ බෙදූ‘ සාෆිගේ කෙල්ල

- Advertisement -

මෙවර සාමාන්‍ය පෙළ ලියූ දරුවන් අතර වැඩිම ජනමාධ්‍ය අවධානය දිනූ දරුවා ‘සාෆී ගේ කෙල්ල‘ නැත්තම් සාෆි ෆාතිමා සයිනාබ් ය.

මලියදේවේ දැරියන්ට ‘සනීපාරක්ෂක තුවා නොමිලේ බෙදා‘ දුන්නේ යැයි කළබැගෑනියක් කර, පාසලේ ඉන්නට නොදී එලවා දැමූ වෛද්‍ය සාෆි ගේ ආදරණීය දියණිය සාමාන්‍ය පෙළ විභාගයට බුද්ධාගමට පෙනී සිටියේ නැත.

ඉස්ලාම් ආගම ද, ඇතුළු ඇය පෙනී සිටි සියලුම විෂයන්ගෙන් ‘ඒ‘ සාමාර්ථ ලැබූවාය.

මලියදේව පාසලේ නවය වසර දක්වා දීප්තිමත් සිසුවියක වූ ඇයට, කොළඹින් ජාතික පාසලක් ලබා දෙන ලදී. ඇයට කල්මුණේ මහ්මුද් බාලිකා විද්‍යාලයට යන්නට සිදු වූයේ ඇයි කොළඹ පාසලින් ද එළවා දැමීමට තරම් කුරිරු වූ නිසාය. කුරුණෑගලින් කල්මුණේ ගිය දැරිය දැන් ඉගෙනගන්නේ මහනුවර බදියුදීන් මහමුද් බාලිකාවේ ය.

මලියදේව විද්‍යාලයේ යන කාලයේ සිංහල මාධ්‍යයෙන් ඇය බුද්ධාගමට ඉහළම ලකුණු ලැබුවා. ඇයට කල්මුණේ ට ගොස් දෙමළ භාෂාවෙන් ඉස්ලාම් ආගම ඉගෙන ගන්නට සිදු විය. බුද්ධාගම වෙනුවට ඉස්ලාම් ප්‍රශ්න පත්‍රයට විභාගය ලියූ ඇය එයින් ද විශිෂ්ඨ සාමාර්ථ ලබා ඇත.

මේ ටික ලියා තබන්නේ, වඳ පෑඩ් එකෙන් පටන් අරගෙන, රටක් ඇන්දවූ කතාව තවමත් අවසන් වී නැති නිසාය. අදටත් වැඩිපුර ලියවෙන්නේ බොරු ගොඩක් නිසාය.

‘ඒ 9‘ ලැබූ දරුවන් 10,000 කට වැඩි සංඛ්‍යාවක් අතර සාෆි ගේ දුව සුවිශේෂ වන්නේ දස බිම්බර මාර සෙනඟකට ඇය ගේ ධෛර්යය පරාජය කළ නොහැකි වූ නිසාය.

ෆාතිමා කෙල්ල තමන් ඇඳ දැමූ මඩ වළෙන් එළියට පැමිණ සිටී. ඇය ගැන අමුම අමු ප්‍රබන්ධ ලියු අය, තවමත් මඩ වළේ ය.

– රජිත් කීර්ති තෙන්නකෝන් –


RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිසේනගේ මැයි රැලිය ගම්පහ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කරන්න ඕන-බන්දුල ගුණවර්ධන

ගොඩ ගැසී ඇති සියලු ම රියදුරු බලපත් එළඹෙන අගෝස්තු මාසය වන විට නිකුත් කර අවසන් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන...

මත්පැන් හිඟ බදු මුදල් ගැන තීරණයක්

2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජුනි මස 30 වනදා වනවිට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...