මහ මොළකරුවන්ට තරාතිරම නොබලා දඩුවම් ලබාදෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
විපක්ෂ නායකවරයා සහ අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අතර අද (11) කොළඹදී පැවැත්වුණු හමුවකදී ඔහු මේ බවට පොරොන්දු වී තිබෙනවා.
පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සහන සැලසීම උදෙසා විධිමත්ව සකස් කරන ලද අධිකරණය ක්‍රියාදාමයක් වෙනුවෙන් තමා උර දෙන බව සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී පවසා තිබෙනවා.
විපක්ෂනායකවරයා කාදිනල් හිමියන් හමුවේ තවදුරටත් සඳහන් කර ඇත්තේ, අධිකරණ ක්‍රියාදාමය නැවත ප්‍රත්‍යක්ෂ කරන බවත් ඒ සඳහා වන නෛතික ක්‍රියාමර්ග නිසි පරිදි ගන්නා බවයි.