31 C
Colombo
Thursday, July 10, 2025

සජිත් මෙහේ O/L කළේ නැහැ – නලීන් බණ්ඩාර

- Advertisement -

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එංගලන්තයේ උසස් අධ්‍යාපනය ලබා එහි විශ්ව විද්‍යාලයක උපාධිය ලබා තිබෙන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (15) කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදීන් විසින් විපක්ෂ නායකවරයාගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් විමසු අවස්ථාවේදී යි.

”සජිත් ප්‍රේමදාස මහතාගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව දිගටම කතා කරලා තියෙනවා. පෙන්නලා තියෙනවා. එතුමාට උපාධියක් තියෙනවා. ඔහු එංගලන්තයේ උසස් අධ්‍යාපනය ලබලා, එංගලන්තයේ උපාධිධාරියෙක් විදියට විශ්ව විද්‍යාල උපාධියක් ලබලා එතුමා පරිසරය පිළිබඳව තවත් ඉගෙන ගනිමින් ඉන්නවා. ඉතින් ඔහුගේ උපාධි සහතික අවශ්‍යනම් ඉදිරියට පෙන්නන්න පුළුවන්. අපේ සහතික ගැන කතා කරලනේ දැන් මේ අලුත් ටීම් එකක් ඇවිල්ලා ඉන්නේ. ඒ නිසා එයාලගේ විලුව වහගන්න විපක්ෂ නායකයාගේ සහතිකය අනම් මනම් ඉල්ලන්න යන්න කලින් තමන්ගේ සහතිකය පෙන්නන්න. අපේ සහතික අපි ගොඩක් කලින් පෙන්නලා තියෙනවා.”

RECENT ARTICLES - SINHALA

අල්ලස් ඉල්ලු පොලිස් නිලධාරියා රිමාන්ඩ්

රාගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ පහක අල්ලසක් ඉල්ලා රුපියල් 180000ක මුදලක් ලබා ගත්තේ යැයි කියන බස්නාහිර පළාත් උතුරු දිසාව අපරාධ කොට්ඨාසයේ පොලිස් නිලධාරියෙකු...

බදු තවත් අඩු කරගන්න බලනවා – හර්ෂණ

ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට පනවා ඇති 30%ක තීරුබදු ප්‍රමාණය ශ්‍රී ලංකාව ලැබූ සාර්ථකත්වයක් බවත්, නමුත්  තවත් අඩු කරවාගැනීම සඳහා සාකච්ඡා පවත්වන බවත් මුදල්...

සිංගිමලේ ජලාශයේ ජලය ලබා ගැනීම තාවකාලිකව නතර කරලා

හැටන් ජාතික ජල සම්පාදන සහ ජල ප්‍රවාහන මණ්ඩලයට ජලය ලබා ගන්නා හැටන් සිංගිමලේ ජලාශයෙන් ජලය ලබා ගැනීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. ඉකුත් 8වනදා පාසල් සිසුවෙකු වැටී...

POPULAR ARTICLES

පරාජයේ වාර්තාව ඉන්දියාවට

එංගලන්තයට එරෙහිව ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ අද (10) ආරම්භ වූ තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ද කාසියේ වාසිය ජයග්‍රහණය කිරීමට ඉන්දියාවට නොහැකි වුයේ නැහැ. ඒ අනුව ඔවුන් ජාත්‍යන්තර...

සුදුවෙන ක්‍රීම් නිසා මහියංගනේ පවුල් ප්‍රශ්න

පවුල් ආරවුල් සම්බන්ධයෙන් මහියංගණයට ලැබෙන පැමිණිලි අතරින් බොහොමයක්ම සැමියා උපයන මුදල් බිරිඳ විසින් අසීමිත ලෙස රූපලාවණ්‍ය කටයුතු සඳහා වැයකිරීම මත ඇතිවූ ආරවුල් බවට...

අල්ලස් ඉල්ලු පොලිස් නිලධාරියා රිමාන්ඩ්

රාගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ පහක අල්ලසක් ඉල්ලා රුපියල් 180000ක මුදලක් ලබා ගත්තේ යැයි කියන බස්නාහිර පළාත් උතුරු දිසාව අපරාධ කොට්ඨාසයේ පොලිස් නිලධාරියෙකු...