28 C
Colombo
Saturday, April 19, 2025

ලයිව් කියලා පෙන්නන්න සජිත්ගේ සාකච්ඡාවක් රෙකෝඩ් කරලා

- Advertisement -

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින සමගි ජනබලවේගය පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වූ දේශපාලන සාකච්ඡාවක් ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් ඇපකැපවී සිටින පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් ඊයේ දිනයේ පටිගත කර තිබෙනවා.

එම වැඩසටහන අද දිනයේ සජීවී වැඩසටහනක් ලෙස අදාළ නාලිකාව විකාශය කිරීමට සූදානමින් සිටින බවට තොරතුරු වාර්තා වනවා.

අදාළ ආයතනයේ තාක්ෂණික අංශයේ පිරිස් පවසන්නේ අවස්ථා කිහිපයකදීම මෙම වැඩසටහන බාධාවන් රැසක් මධ්‍යයේ පටිගත කළ බවයි.

ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා හට යම් යම් දේශපාලන කරුණු සම්බන්ධයෙන් වැරදීම් සිදුවන අවස්ථාවන්හීදී මෙන්ම නිවේදකයින් ප්‍රශ්න ඇසීමෙන් ඔහුව හිරවූ අවස්ථාවන්වලදී එම කොටස් යළිත් මුල සිට පටිගත කර තිබෙනවා.

සජිත් ප්‍රේමදාස මහතා කිසිදු සජීවී දේශපාලන සංවාදයකට හෝ විවාදයකට කිසිදු දිනයක සහභාගි වී නොමැති අතර විවාදවලට තමන් බිය නැතැයි වේදිකාවල නිතර කියමින් යෑම අනෙක් පක්ෂවල නිරන්තර දැඩි විවේචනයට ලක්වන හේතුවක් වනවා.

අදාළ නාළිකාවද ප්‍රේමදාස මහතාට ප්‍රසිද්ධියේ පක්ෂග්‍රාහීව කටයුතු කිරීම නිසාවෙන් අවස්ථා කිහිපයකදී මැතිවරණ කොමිසමේ අවවාද කිරීම්වලට පමණක් ලක්වුවද ඔවුන් කොමිසමේ අවවාද තුට්ටුවකට මායිම් නොකර තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රය එලෙසින්ම ක්‍රියාත්මක කරගෙන යෑම විශේෂත්වයක්.

RECENT ARTICLES - SINHALA

ආණ්ඩුවට අපි නිකන් ඉන්න දෙන්නේ නැහැ – නාමල්

රාජපක්ෂලා විසින් උගන්ඩාවේ සඟවාගෙන සිටි මුදල් මෙන්ම විදේශ රටවල සඟවාගෙන සිටි මුදල් රැගෙන එන තාක් සහ රාජපක්ෂ පවුලට අයත් බව කියන විදේශ රටවල තිබෙන...

මනම්පිටියේ වෙඩි තැබීමක්

මනම්පිටිය ප්‍රදේශයේ දේවස්ථානයක් ආසන්නයේ මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර සිද්ධිය සම්බන්ධව මනම්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු...

පිල්ලයාන්ගේ රියදුරු ලෙස කටයුතු කළ අයෙක් CID අත්අඩංගුවට

හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ රියදුරු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ නැගෙනහිර විශ්ව විද්‍යාලයේ හිටපු...

POPULAR ARTICLES

ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියෙන් ලංකාවට පදක්කම් 2ක්

වයස අවුරුදු 18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (18) පැවති තරගයකින් රන් පදක්කමක් දිනාගැනීමට තරුෂි අභිෂේකා සමත් වුණා. කාන්තා මීටර් 800 තරගය...