26 C
Colombo
Wednesday, February 19, 2025

සජිත් පිල නැවතත් පාර්ලිමේන්තුවට

- Advertisement -

සිය මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුව තුළ නිසි ආරක්ෂාවක් නොමැති බවට චෝදනා කරමින් සමඟි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් විසින් පාර්ලිමේන්තුවට පැමිණීම වර්ජනය කර තිබූ නමුත් අද (08) දින සිට යළිත් පාර්ලිමේන්තු සභාව වෙත යාමට ඔවුන් තීරණය කර තිබෙනවා.

ඒ, ඊයේ (07) දිනයේදී කථානායකවරයා සමඟ පැවති සාකච්ජාවේ ප්‍රතිඵලයක් ලෙසටයි.

මනූෂ නානයක්කාර මන්ත්‍රීවරයාට අදාල සිදුවීමක් පසුබිම් කොටගෙන සමඟි ජන බලවේගය විසින් පාර්ලිමේන්තු සභාව වර්ජනය කොට විකල්ප පාර්ලිමේන්තුවක් පැවැත්වූ අතර පාර්ලිමේන්තුව ඉදිරිපිට විරෝධතා දැක්වීමද සිදු කර සිටියා.

සිය මන්ත්‍රීවරුන්ට ආරක්ෂාවක් නැති අතර ,ආණ්ඩුවට අභියෝග කිරීම හේතුවෙන් ඔවුන් කරා මර්දනය පැමිණෙමින් තිබෙන අතර භාෂණයේ නිදහසක් ද නැති බවටයි සමඟිය මේ සම්බන්ධයෙන් ආණ්ඩුවට චෝදනා කර සිටියේ.

කෙසේ වෙතත් අද දින පාර්ලිමේන්තුව අමතමින් සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් පවසා සිටියේ මෙවන් දෑ යලි සිදු නොවීමට වග බලාගත යුතු බවයි.

ඊට පිළිතුරු දෙමින් කතානායකවරයා පවසා සිටියේ මේ සම්බන්ධව විමර්ශනය කිරීමට පත්කළ කමිටු වාර්තාව අනුව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි.

RECENT ARTICLES - SINHALA

නීතිඥ සංගමයේ නව සභාපති පත්කෙරේ

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපති ලෙස නීතිඥ රජීව් අමරසූරිය මහතා තේරී පත්ව තිබෙනවා.

ඝාතන සැකකරු ළඟ නීතීඥයෙකු බව හඟවන හැඳුනුම්පතක් තිබිලා

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු සතුව ශ්‍රී ලංකා නීතීඥ  සංගමයේ සාමාජිකයෙකු බව හැඟවෙන ආකාරයේ හැඳුනුම්පතක් තිබී ඇති බව වාර්තා වෙනවා. එම ව්‍යාජ හැඳුනුම්පතට අනුව ඔහු...

මාලදිවයින් විදේශ කටයුතු ඇමති නිල සංචාරයක් සඳහා දිවයිනට

මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍ය අබ්දුල්ලා කලීල් මහතා නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබෙනවා. මාලදිවයින් විදේශ අමාත්‍යවරයා සහ නියෝජිත පිරිස අද පෙරවරුවේ විදේශ කටයුතු අමාත්‍ය විජිත...

POPULAR ARTICLES