27 C
Colombo
Saturday, October 12, 2024

සජිත් රට බංකොළොත් කළ අයට කඩේ ගිහින් නැහැ

- Advertisement -

රට ආර්ථික අර්බුදයට ඇද දැමූ කණ්ඩායම්වලට තමන් කිසිදු අවස්ථාවක සහාය පළ කර නොමැති බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක, සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

කිරුළපන ප්‍රදේශයේ පැවති ජන රැලියක් අමතමින් ඔහු මේ බව සඳහන් කළා.

තම ජයග්‍රහණය වළක්වාලීමට විරුද්ධ පාර්ශව කුමන්ත්‍රණ සිදුකළ ද ඉන් ඵලක් නොවන බව එහිදි තවදුරටත් අදහස් දැක්වු සජිත් ප්‍රේමදාස පවසා සිටියා.

“අද ඒ දේශපාලන ජෝඩුවගේ එකම අරමුණ සජිත් ප්‍රේමදාසගේ ජයග්‍රහණය වළක්වාලන්නට ගහන්න පුළුවන් හැම ගැටයක්ම ගහනවා. කරන්න පුළුවන් හැම කුමන්ත්‍රණයක්ම කරනවා. හැබැයි ඒ දෙපොළම මතක තියාගන්න රාජපක්ෂලා හිටපු කැබිනෙට්ටුවල සාමාජිකයෝ. දෙන්නම හිටියා රාජපක්ෂ මහත්තරු එක්ක එකට වාඩි වෙලා කැබිනෙට් එකේ. මතක තියා ගන්න කිසිම දවසක රට බංකොළොත් කරපු කණ්ඩායම වෙනුවෙන් කඩේ නොගිය පුද්ගලයෙක් මේ සජිත් ප්‍රේමදාස, සමගි ජන බලවේගය. ඒ නිසා මතක තියා ගන්න 21 වෙනිදාට තමුන්නාන්සේලාගේ වටිනා කතිරය උපයෝගි කරගෙන රටේ ජනතාවට ප්‍රගතිශීලි හැරවුම් ලක්ෂයකට ඔබ සියලුදෙනා මුලපුරන්න.”

RECENT ARTICLES - SINHALA

දුම්රියේ ගැටුණු දරුවෙක් සහ තවත් දෙදෙනෙක් ජීවිතක්ෂයට

මාතර සිට කොළඹ දක්වා ධාවනය වූ දුම්රියක ගැටී පුද්ගලයින් තිදෙනෙකු ජීවිත්කෂයට පත්වී තිබෙනවා. අද (12) සවස කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී මෙම අනතුර සිදුව තිබුණා. එහිදි  මෙම පුද්ගලයින්...

Breaking: CID ලොක්කෙක්ට හදිසියේ ස්ථාන මාරුවක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනීමැරුම් විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඉන්දුක සිල්වා වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් මූලස්ථානයට ස්ථාන මාරු කර තිබෙනවා. මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන ඇතුළු...

Breaking: අපරාධ සිදුවීම් රැසක් ගැන පොලිස් විමර්ශන කඩිනම් කිරීමට උපදෙස්

අපරාධ සිදුවීම් රැසක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන කඩිනම් කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යංශය විශේෂ නියෝගයක් ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා පවසනවා. මහ...

POPULAR ARTICLES

ජොන්ස්ටන්ගේ BMW සෙල්ලම ගැන තවත් තොරතුරු එළියට

ලියාපදිංචි නොකළ BMW කාර් රථයක් භාවිතා කළ බවට සිදු කරන විමර්ශනකට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුට විදේශ ගමන් තහනමක් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින්...

අනුර අතඇරලා ගිය කමල්

ප්‍රවීණ රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතා මෙවර මහමැතිවරණයට දෙවන පරපුර පක්ෂය යටතේ තරග කිරීමට නියමිතයි. දෙවන පරපුර පක්ෂය අද (09) තලවතුගොඩ ප්‍රදේශයේ සංවිධානය කර තිබූ...

ගම්පහ ප්‍රදේශ කිහිපයක ගංවතුර අවදානමක්

අත්තනගලු ඔය ද්‍රෝණියේ ධාරා ප්‍රදේශවලට පසුගිය පැය කිහිපය තුළ සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනයක් යොමුකරමින් දන්වා සිටිනවා. එම නිවේදනය අනුව අත්තනගලු...