29 C
Colombo
Wednesday, July 9, 2025

දෙරණේ සජීවි වැඩසටහනට සජිත් පොල්ල තියලා

- Advertisement -

අද (17) රාත්‍රියේ දෙරණ නාලිකාවේ ‘360’ විශේෂ වැඩසටහනට සහභාගී වීමට නියමිතව සිටි සමගි ජන සන්ධානයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා එම වැඩසටහනට සහභාගී නොවන බවට තොරතුරු වාර්තා වනවා.

සජීවී වැඩසටහනක් ලෙසින් එම දේශපාලන වැඩසටහන විකාශයවීමට නියමිතව තිබුණා.

සජිත් ප්‍රේමදාස මහතා ඊයේ දිනයේ හිරු ටීවී සලකුණ වැඩසටහනට සහභාගී වී සිටියත් එය සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි දෝෂදර්ශනයට ලක්ව තිබුණා.

ඒ මෙතෙක් කලක් සජීවී වැඩසටහනක් ලෙසට විකාශය වූ හිරු සලකුණ වැඩසටහන ඊයේ දිනයේ පමණක් පෙර පටිගත කරන ලද වැඩසටහනක් ලෙසට විකාශය වීමයි.

වෙනදා වැඩසටහනට සහභාගීවන ආරාධිතයාට පිළිතුරුදීමටවත් අවස්ථාවක් නොලැබෙන ආකාරයෙන් ප්‍රශ්න අසන චමුදිත සමරවික්‍රම ඇතුළු අනෙකුත් නිවේදකයන් දෙදෙනා ඊයේ ඉතාමත් සංයමයකින් කටයුතු කරන ආකාරය ප්‍රේක්ෂකයන්ද මවිත කිරීමට සමත්වූවා.

කෙසේවෙතත් අද දිනයේ දෙරණ 360 වැඩසටහනට සජිත් ප්‍රේමදාස මහතා වෙනුවට ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින තවත් අපේක්ෂකයන් කිහිපදෙනෙකුගේ පක්ෂ නියෝජනය වන අයුරින් ඔවුන්ගේ නියෝජිතයන් කිහිපදෙනෙකු සහභාගී කරගනිමින් වෙනත් දේශපාලන වැඩසටහනක් විකාශනය කෙරෙන බවත් වාර්තා වනවා.

ඒ සඳහා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර ,ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ඩබ්ලිව් ඩී වීරසිංහ , සමගි ජන බලවේගය නියෝජනය කරමින් අජිත් මාන්නප්පෙරුම, ජාතික ජනබලවේගය නියෝජනය කරමින් වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ සර්ව ජනබලය නියෝජනය කරමින් ගෙවිදු කුමාරතුංග යන මහත්වරු සහභාගී වනවා.

සජිත් ප්‍රේමදාස මහතා ඔහුගේ දේශපාලන දිවිය තුළ කිසිදු සජීවී දේශපාලන සංවාදයකට සහභාගී නොමැතිවීමද විශේෂත්වයක්.

RECENT ARTICLES - SINHALA

රාජාංගණයේ හිමි ගැන මානසික වෛද්‍ය වාර්තාවක් ගන්න නියෝගයක්

අශෝභන සහ අශිෂ්ඨ වචන භාවිතා නොකරන ලෙසට ඇප කොන්දේසියක් පනවා ඇති රාජාංගණයේ සද්ධාරථන හිමියන් "රාජාංගණයේ හාමුදුරුවෝ" යන යූ ටියුබ් නාලිකාවේ පළකර ඇති වීඩියෝ තුළින්...

අධ්‍යාපන සභාව පිහිටුවීම පිළිබඳ අනුකාරක සභාව ප්‍රථමවරට රැස්වෙලා

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව විසින් පත්කරන ලද ‘අධ්‍යාපන සභාව’ පිහිටුවීම පිළිබඳ අනු කාරක සභාව ප්‍රථමවරට රැස්වුණා. ඒ...

වතුර පරිස්සමින් පාවිච්චි කරන්න

පවතින වියලි කාලගුණික තත්ත්ව හේතුවෙන් සෞඛ්‍යාරක්ෂිත පානීය ජලය හැකිතාක් දුරට අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පාරිභෝගික ජනතාවගෙන් ඉතා කාරුණිකව...

POPULAR ARTICLES

රාජාංගණයේ හිමි ගැන මානසික වෛද්‍ය වාර්තාවක් ගන්න නියෝගයක්

අශෝභන සහ අශිෂ්ඨ වචන භාවිතා නොකරන ලෙසට ඇප කොන්දේසියක් පනවා ඇති රාජාංගණයේ සද්ධාරථන හිමියන් "රාජාංගණයේ හාමුදුරුවෝ" යන යූ ටියුබ් නාලිකාවේ පළකර ඇති වීඩියෝ තුළින්...

ඉන්දියාවේ පාලමක් කඩාවැටී පුද්ගලයින් දස දෙනෙකු ජීවිතක්ෂයට

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ පාලමක් කඩාවැටීමෙන් පුද්ගලයින් දස දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වසර 40ක් පැරණි මෙම පාලමෙහි කොටසක් කඩා වැටීමත් සමග ට්‍රක් රථ දෙකක්, මෝටර් රථයක්...