27 C
Colombo
Friday, April 19, 2024

ආණ්ඩුවේ බාධා මැද දහස් ගණනින් ජනතාව සජිත්ගේ රැලියට (PHOTOS)

- Advertisement -

“මේ සාපය දැන් ඇති“ යන තේමාව යටතේ සිදුවන ‘ජන බලය කොළඹට’ විරෝධතාවය අද (16) කොළඹ දී පැවැත්වෙනවා.

එම විරෝධතාවයට එරෙහිව පොලීස් ස්ථාන ගණනාවකින් කළ ඉල්ලීම්වලට අධිකරණයේ අවසරය හිමිවූ‍යේ නෑ.

ජනතා විරෝධතාවය ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් බවත් සෞඛ්‍ය රෙගුලාසි කඩ කිරීම් එහිදී සිදුවන්නේ නම් පමණක් ඒ සඳහා ක්‍රියාමාර්ග ගන්නා ලෙසට අධිකරණය නියෝග කර සිටියා.

දරිද්‍රතාවයට, ජනතාව මුහුණුපාන අනෙකුත් ගැටලුවලට සහ ආණ්ඩුවේ දුෂණයට එරෙහිව මෙම ජන උද්ඝෝෂණය සංවිධානය කර ඇති බවයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා සඳහන් කළේ.

මේ අතර, සමගි ජන බලවේගයේ විරෝධතාවය හේතුවෙන් විපක්ෂ නායක කාර්යාලය අසල සිට නෙළුම් පොකුණ දක්වා වු සර් මාර්කස් ප්‍රනාන්දු මාවත මුළුමනින් ම අවහිර වී ඇති අතර කොළඹ ගාලුපාර කොල්ලුපිටිය මංසන්ධියෙන් ද අවහිර වී තිබේ.


RECENT ARTICLES - SINHALA

නිර්වින්දන හා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟය තවදුරටත්

නිර්වින්දන හා ළමා රෝග විශේෂඥවරුන්ගේ හිඟය තවදුරටත් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. බොහෝ පිරිසක් රට ඇත්හැර ගොස් ඇති බවත් තවත් පිරිසක් විදේශ පුහුණුවීම් සදහා ගොස්...

පාලිත තෙවරප්පෙරුමගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද

අභාවප්‍රාප්ත හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (19) සිදුකිරීමට නියමිතව තිබෙනවා. අද පස්වරු 2ට මතුගම යටදොලවත්ත ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී...

තරුණ තරුණියන්ට ජනපතිගෙන් පොරොන්දුවක්

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. නුවරඑළිය දිස්ත්‍රික්කයේ යොවුන්...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...