28.7 C
Colombo
Tuesday, April 23, 2024

සජිත්ගේ මුදල් අවභාවිතයකුත් එළියට

- Advertisement -

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා 2015 සිට 2019 දක්වා යහපාලන ආණ්ඩුවේ නිවාස හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවධියේ සිදුවූ රාජ්‍ය මුදල් රුපියල් බිලියන ගණනක අවභාවිතයක් පිළිබඳව වන වාර්තාවක්ද විගණකාධිපතිවරයා නිකුත් කර තිබෙනවා.

දෙස් විදෙස් සංචාරකයින් මෙරට සංස්කෘතික උරුමයන් නැරඹීම සඳහා ලබාගන්නා ප්‍රවේශ පත්‍රවලින් ලැබෙන ආදායමෙන් ප්‍රතිපාදන එක්රැස්වෙන සංස්කෘතික අරමුදල අවභාවිත වී ඇති අයුරු එම විගණන වාර්තාවෙන් තහවුරු කර තිබෙනවා.

ඒ අනුව 2015 සිට 2019 දක්වා කාලය තුළ සංස්කෘතික අරමුදලේ සමස්ත වියදමෙන් 38% ත් 58% ත් අතර මුදලක් වැය කර ඇත්තේ සේවක නඩත්තුව සඳහා බව පෙන්වා දෙන විගණකාධිපතිවරයා සඳහන් කරන්නේ සංස්කෘතික අරමුදලේ ප්‍රමුඛතම අරමුණ වන පුරාවිද්‍යා කැණීම්වලට සහ සංරක්ෂණ කටයුුතුවලට මුදල් වෙන්කර ඇත්තේ අවම ප්‍රතිශතයක් බවයි.

අනුමත කාර්ය මණ්ඩලය ඉක්මවා බඳවාගැනීම් සිදුව ඇති බවත්, කාර්යමණ්ඩල සංයුතියේ නොමැති තනතුරු සඳහා බඳවාගැනීම් සිදුකර ඇති බවත් එහි සඳහන් වනවා.

2017 වසරේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනුමත සේවක සංඛ්‍යාවේ තනතුරු තුළ ඇතුළත් නොවූ මුරකරුවන් 2,271ක් සහ කම්කරුවන් 1,130ක් වශයෙන් සේවකයින් 3,401ක් බඳවාගැනීමට පාලක මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා.

මෙම විගණන වාර්තාවට අනුව 2019 වසර තුළ අතිරික්ත සේවක තනතුරු සංඛ්‍යාව 1,596 ක්.

2018 වසරේදී මෙලෙස බඳවාගත් සේවකයින් වෙනුවෙන් රුපියල් හතලිස් හත් කෝටි අනූ තුන්ලක්ෂ පනස්හයදාස් නවසිය අනූ තුනක් (479,356,993.00) සහ 2019 වසරේදී රුපියල් පනස් අට කෝටි දාහත් ලක්ෂ හැත්තැ තුන්දහස් එකසිය අටක මුදලක් වැටුප් වශයෙන් ලබාදී තිබෙනවා.

එසේම 2015 වසරේ සංස්කෘතික අරමුදලේ ආදායම රුපියල් බිලියන 2.9ක් වනවිට වියදම් කර ඇති මුදල රුපියල් බිලියන 2.01ක් ලෙස සඳහන් වන අතර, 2019 වසරේදී ආදායම රුපියල් බිලියන 4.037ක් වනවිට වියදම් කර ඇති මුදල රුපියල් බිලියන 4.168 ක්.

2019 වසරේ ආදායම ඉක්මවා රුපියල් බිලියන 0.131ක් වියදම් කර ඇති බව විගණකාධිපතිවරයා පෙන්වා දෙනවා.

සජිත් ප්‍රේමදාස මහතා නිවාස හා සංස්කෘතික අමාත්‍යවරයා ලෙස සිටියදී සංස්කෘතික අරමුදලේ මුදල් යොදාගෙන සිදුකළ ප්‍රමිතියෙන් තොර ඉදිකිරීම් සහ වැඩ අවසන් කර නොමැති ඉදිකිරීම්වල ඡායාරූපද මෙම විගණන වාර්තාවට ඇතුළත් කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ලොව වඩාත්ම බලපෑම් සහගත 100 දෙනා අතරට ලාංකික කාන්තාවක්

ශ්‍රී ලංකාවේ LGBTQ ප්‍රජාව වෙනුවෙන් හඬ නගන අයකු ලෙස ප්‍රකට රොසෑනා ෆ්ලේමර් කල්දේරා මහත්මිය TIME සඟරාවේ 2024 වසර සඳහා වන වඩාත්ම බලපෑම්සහගත පුද්ගලයන් 100...

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් කරගන්න එපා – රනිල්

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බවත් එබැවින්  සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාපන ක්‍රමය...

ගම්පහ ඔස්මන් ඝාතන සැලසුමක් හෙළි වෙයි

ගම්පහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මෙන්ම වැවිලිකරුවකු වන "ඔස්මන්" නැමැත්තා ඝාතනය කිරීම සඳහා සූදානම්ව සිටි සැකකරුවන් දෙදෙනෙකු අද (23) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා. පොලීසිය පවසන්නේ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

C2 යි S1 ට කොතලාවලින් MBBS

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය සඳහා ගෙවීමේ පදනම මත සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම් පත් කැඳවා තිබෙනවා. ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ,...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...