විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ආරක්ෂක අංශයට යොදවා තිබු ආරක්ෂක අංශ රථයක යතුරු පැදියක් ගැටිමෙන් දෙදෙනෙකු තුවාල ලබා අම්පාර මහා රෝහලට ඇතුලත් කර තිබෙනවා.
මෙම අනතුර සිදුව ඇත්තේ, දමන පොලිස් වසමේ හෙළගම්පුරට හැරෙන හන්දිය අසලදියි.
ප්‍රභු ආරක්ෂක රථය යතුරු පැදිය ඉස්සර කිරිමට යෑමේදි යතුරු පැදිය මාර්ගය දෙසට කැපීමත් සමගම යතුරු පැදිය ප්‍රභු ආරක්ෂක රථයේ වැදි මෙම අනතුර සිදුව තිබෙනවා.
අනතුරට පත් පුද්ගයින් දෙදෙනාගෙන් එක් අයෙකු අසාධ්‍ය තත්වයේ සිටින අතර ඔහු දැඩි සත්කාර ඒකකයේ ප්‍රථිකාර කරමින් සිටින බවයි වාර්තාවන්නේ.
මෙම අවස්ථාවේ ප්‍රභු ආරක්ෂක අංශයේ රථය පැදවු පොලිස් සැරයන්වරයා දමන පොලිස් ස්ථානයෙන් අත් අඩංගුවට ගෙන ඇති අතර ඔහු අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබෙනවා.