ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතයේ (USAID) පරිපාලන ප්‍රධානී, සමන්තා පවර් (Samantha Power) දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබෙනවා.
එම දෙදින තුළ ඇය ආර්ථික අර්බුදය හමුවේ අමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර ඇති සබඳතා ශක්තිමත් කිරීම පිළිබඳව සොයා බලනු ඇති.
කටාර් ගුවන් සේවයට අයත් කිව් ආර් 664 දරණ ගුවන් යානයෙන් පෙරවරු 9ට ඇය තවත් නියෝජිතයන් හතරදෙනකු සමඟ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට පැමිණි බවයි වාර්තා වන්නේ.
ඔවුන් පිළිගැනීම සඳහා ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලයේ සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන්තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත ගොස් තිබුණි.
සමන්තා පවර් මහත්මිය මීට පෙර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අමෙරිකානු තානාපතිවරිය ලෙස ද කටයුතු කළා.