ගොවි විරෝධතාවයක මූලිකත්වය ගෙන කටයුතු කළ ජනතා විමුක්ති පෙරමුණේ සමන්ත විද්‍යාරත්න හා සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න යන මහත්වරුන් මෙන්ම වීරකැටියේ අනුරුද්ධ හිමි ඇතුළු පස් දෙනකු බොරලන්ද පොලිසියට කැඳවිමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන අද (07) දින දහවල් වැලිමඩ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එක් අයෙකුට රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැරිණි.
සිය පක්ෂයේ සාමාජිකයින් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අද (07) දින පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ ආයතන මෙන්ම සම්භාහන මධ්‍යස්ථානද විවෘත කිරීමට ඉඩ ලබාදී ඇති පසුබිමක ජනතාවට සිය විරෝධය පළ කිරීමට ඇති අවස්ථාව අවහිර කර ඇති බවයි.