දකුණු ආසියානු රටක් ලෙස තායිලන්තය අද (23) සිට සමලිංගික විවාහ නීතිය පිළිගෙන තිබෙනවා.
මෙම නව නීතිය පසුගිය වසරේ සම්මත කර ඇති අතර එම විවාහ නීතිය අද සිට ක්‍රියාත්මක වීමට නියමිතයි.
මෙම නීතිය යටතේ සමලිංගික යුවළන්ට නීතිමය, මූල්‍යමය, හා වෛද්‍ය අයිතීන් ලබාදෙන අතර වත්කම් කළමනාකරණය කිරීම සහ උරුම කරගැනීමටත්, දරුවන් හදා ගැනීමටත් සමාන අයිතිවාසිකම් හිමිවන බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.
ඒ අනුව සමලිංගික විවාහක යුවල 180 දෙනෙකු අද විවාහ ගිවිස ගැනීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.