26.1 C
Colombo
Wednesday, October 4, 2023

සංඛ දිනෙත්ගේ ජාත්‍යන්තර මෙහෙයුම

- Advertisement -

සංඛ දිනෙත්ගේ දිල් කී අවාස් කියන සිංදුව අන්තර්ජාලයේ තියෙනවා. ඒක උදිත් නාරායන් සමරු ගීයක්. සංඛ 2021 දී දිල් කී අවාස් කියලා උදිත් නාරායන් ප්‍රසංගයක් කරන්නත් බලාපොරොත්තු වෙනවා. ඒ අනුව සංඛ ඉන්දියාව එක්ක සම්බන්ධ වෙමින් ජාත්‍යන්තරේට යන්න සැලසුම් කර සිටින බව පේනවා.

සංඛ මීට කලින් උදිත් නාරායන්ගේ පුතා ආදිත්‍ය නාරායන් එක්ක වැඩ කරලා තියෙනවා. ආදිත්‍ය සහ සංඛ කරපු මාෂප් එක ගොඩක් අයට මතක ඇති. දිල් කි අවාස් කොන්සට් එකට ආදිත්‍ය නාරායන්ට ආරාධනා කරන්නත් හිතාගෙන ඉන්නවාලු.

සංඛ මීට කලින් සෝනු නිගම්වත් මුණගැහුණා. සංඛ සිළුමිණ රසඳුනට දුන්න ඉන්ටවීව් එකකදී කියන්නේ මෙහෙමයි.

‘මට මුලින්ම අවස්ථාව ලැබෙන්නේ සෝනු නිගම් ප්‍රවීණ ගායන ශිල්පියා හඳුන ගන්න. ඔහු ලංකාවේ ප්‍රසංගයකට පැමිණියා. ඔහු ගායනා කළ ගීත කිහිපයක් මගේ හඬින් ගායනා කරලා යූ ටියුබ් මාධ්‍යයට මා එක් කළා. පැය දෙකක් වැනි කෙටි කාලයක් අතරතුර ඔහු එය නරඹා Face Book ඔස්සේ මට කතා කළා. පසු ඔහු කළ ආරාධනාවකින් මං ඉන්දියාවට ගිහින් ඔහුව මුණ ගැහුණා. ඒ සඳහා ගුවන් ප්‍රවේශපත්‍ර පහසුකම් පවා ඔහු විසින් මට සලසා දුන්නා. ඔහු ඉතාමත් නිරහංකාර නිහතමානී මහත්මයෙක්.

ඔහුගේ නිවෙසට ඔහු පැමිණෙන තුරු රසිකයන් රැස් වෙලා හිටියා. ඔහුගේ කළමනාකරු අපව මුණ ගස්වන්න කටයුතු කළා. ඉතාමත් සුහද පිළිගැනීමක්. ආහාරපාන වලින් සංග්‍රහ කළා. මං බෞද්ධයෙක්. බෞද්ධයෙක් විදිහට මා ඔහුට අරගෙන ගියා පිරිත් නූලක්. ඔහු ගොඩක් සතුටු වුණා. ඔහුගේ නිවෙස ඉදිරිපිට ඇති බුදුන් වහන්සේගේ පිළිමය අසලට මාව කැන්ඳගෙන ගියා. එහිදී ඔහුත් මට ආශිර්වාද කළා. ඔහු ඉතාමත් සුන්දර චරිතයක්. අධ්‍යාත්මික වටපිටාවක් ඔහු තුළ තිබුණා. මං ඔහුගෙන් ඇහුවා මට මේ විදිහට සත්කාර කිරීම ගැන. ඔහු කීවා මා ගීත ගායනා කරන අතරතුර මා වටේට කිසියම් ප්‍රභාවක් ඔහු දුටු බව.

සෝනු නිගම් ඩෙන්මාර්ක්වල සංගීත ව්‍යාපෘතියක් සඳහා මගෙන් කැමැත්ත විමසුවා. ඒ රැකියාව පූර්ණ කාලීනව කළ යුතුයි. ඒ නිසා ඒ ගිවිසුමට අත්සන් කරන්න නොහැකි බව මං ඔහුට කිව්වා. මගේ පෞද්ගලික ජීවිතය හා මේ වන විටත් ආරම්භ කර තිබෙන වෘත්තීය කටයුතු එක්ක කාලයක් වෙන් කරන්න මට අවස්ථාවක් නැහැ .’

සංඛ ගැන කතාකරන විට වැදගත්ම කාරණය තමයි ඔහු මියුසික් ඉගෙනගනිමින්, තමන්ගෙ හැකියාව දියුණු කරගනිමින් ඉස්සරහට යන විදිය.

සමහරුන් හිතනවා ඩොක්ටර් කෙනෙක් වෙනවා කියන්නේ හොඳට ඉගෙනගෙන, පොත්පත් කියවලා, ඔළුව වෙහෙසලා හෙන පිස්සු හැදෙන වැඩක්. ඒකට ලොකු කැපකිරීමක් ඕනෑ කියලා.

ඒත් ෂෝ බිස්නස් එක කියන්නෙ උපතින් ලැබුණ කටහඬෙන් මොකක්හරි සිංදුවක් කියාගෙන, නැත්නම් ෆිල්ම් එකක රඟපාගෙන විනෝදෙන් ජීවත්වෙන එක කියලා. සමහර ෂෝ බිස්නස් එකට එන අයත් එහෙම හිතාගෙනයි එන්නේ. එහෙම එන සමහරු ජනප්‍රිය වුණත්, ඉක්මනින් ඒ තරු කඩාවැටෙනවා.

ඔය සුපර්ස්ටාර්, ඩ්‍රීම්ස්ටාර් තරගවලින් ආපු ගොඩක් අයත් එහෙමයි.

ඩොක්ටර්, ඉංජිනියර්, ලෝයර් වගේම හොඳ ආටිස්ට් කෙනෙක් කියන්නෙත් තමන් කරන වැඩේට හෙවත් ක්‍රාෆ්ට් එකට උපරිම කැපවිච්ච කෙනෙක්. ඒක ඉගෙනගන්න, පොත්පත් කියවන්න, උපාධි හදාරන්න වෙහෙස වෙන කෙනෙක්. හැමවෙලාවෙම තමන් කරන වැඩ මැනේජ් කරන කෙනෙක්.

සංඛ දිනෙත් කියන්නේ අන්න ඒ විනය තියෙන සැබෑ කලාකාරයෙක්. ඔහු මෙහෙම කියනවා.

‘මං සෝල් විශ්වවිද්‍යාලයේ ඔන්ලයින් මාර්ගයෙන් අධ්‍යාපනය හැදෑරුවා. අයිපැක් විශ්වවිද්‍යාලයෙන් ලැබුණු ශිෂ්‍යත්වයකට අනුව ශාස්ත්‍රපති උපාධි හදාරනවා. ඒ ව්‍යාපාර කළමනාකරණය සම්බන්ධයෙන්. දැන්වීම්කරණ විෂය සම්බන්ධයෙන් ප්‍රවීණත්වයක් ලබා ගන්න මට හැකි වුණා. මං සංගීතය හැදෑරුවා. විවිධ ක්ෂේත්‍රවල ශාස්ත්‍රීය අත්දැකීම් ලබාගන්න මට හැකි වුණා.’

RECENT ARTICLES - SINHALA

මාතර සියලුම පාසල් වසා දැමේ

මාතර දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට (05) සහ අනිද්දා (06) දෙදින වසා තැබීමට තීරණය කර තිබෙනවා. පවතින ආපදා තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙන බවට වාර්තා...

දුම්රියේ ගැටී බේරුණු දරුවන් දෙදෙනෙක්

ත්‍රිරෝද රථයක් දුම්රියක ගැටීමෙන් සිදුවූ අනතුරකින් කුඩා දරුවන් දෙදෙනෙකුගේ දිවි බේරුණු ඇදහිය නොහැකි පුවතක් බේරුවල ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. බේරුවල මරක්කලවත්ත හේන පාර ප්‍රදේශයේදී මෙම අනතුර...

මාතර ප්‍රදේශ රැසකට නායයෑම් අනතුරු ඇඟවීම්

අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ කිරින්ද පුහුල්වැල්ල, වැලිගම, මාතර, අකුරැස්ස, වැලිපිටිය, හක්මණ ප්‍රදේශවලට පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. ඉදිරි පැය...

POPULAR ARTICLES

නිපා වෛරසය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් දැනුම් දීමක්

නිපා වෛරසය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට වැඩි අවදානමක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ, ඉන්දියාවේ කේරළ...

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ සිසුන්ට දැනුම් දීමක්

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ අවසන් වූ වහාම එම සිසුන් සඳහා වෘත්තීය පුහුණු පාඨමාලා ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව අධ්‍යාපන අමාත්‍ය...

රන් මිල පහළට

පසුගිය සතියට සාපේක්ෂව අද (02) රන් මිල පහළ වැටීමක් සිදු වී තිබෙන බවට වාර්තා වනවා. ඒ අනුව අද රන් මිල ගණන් වන්නේ, රන් අවුන්සය - රු.597,449.00 කැරට්...