27.7 C
Colombo
Thursday, April 25, 2024

ආරච්චිකට්ටුව සමූපකාර ඡන්දෙන් සනත් නිශාන්ත පරාදයි

- Advertisement -

සී/ස ආරච්චිකට්ටුව විවිධසේවා සමූපකාර සමිතිය සඳහා ඊයේ (17) ඡන්ද විමසීම පවත්වා තිබෙනවා.

එම සමූපකාර සමිතියට අයත් අංක 01 දරන ආරච්චිකට්ටුව ප්‍රාදේශිකයේ සභික අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත්ව සිටි වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය කේ. සනත් නිශාන්ත පෙරේරා මහතා පරාජයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

අංක 01 දරණ ප්‍රදේශිකයේ සභිකයින් 9 කින් 6 ක් දිනාගෙන එම ප්‍රාදේශිකයේ ඡන්දය ජයග්‍රහණය කර ඇත්තේ ජාතික ජන බලවේගය කණ්ඩායමයි.

සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා සහ ඔහුගේ සොහොයුරා අපේක්ෂකත්වය දැරූ පොහොට්ටුවේ කණ්ඩායමට එම ප්‍රදේශිකයෙන් හිමිව ඇත්තේ සභික ධුර 3ක් පමණයි.

එහෙත් ඒ තුන්දෙනා අතරටවත් පැමිණීමට සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයාට හැකිවී නැහැ.

අංක 01 දරන ආරච්චිකට්ටුව ප්‍රාදේශිකයෙන් ඡන්දයට ඉදිරිපත්වූ පොහොට්ටුවේ අපේක්ෂකයන් 19 දෙනා අතරින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තට හිමිව ඇත්තේ 11වන ස්ථානය යි.

ඔහුගේ සොහොයුරු කේ. ජගත් සමන්ත පෙරේරා 5 වන ස්ථානය හිමිකරගෙන තිබෙනවා.

කෙසේවෙතත් සමස්ත ප්‍රතිඵල අනුව සභික ධුර 98ක් හිමි සී/ස ආරච්චිකට්ටුව විවිධසේවා සමූපකාර සමිතියේ සභික ධුර 46 ක් දිනාගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කණ්ඩායම ජයග්‍රහණය කළා.

එම ඡන්දයට පළමු වරට ඉදිරිපත් වූ ජාතික ජන බලවේගය කණ්ඩායමද ආසන 37ක් දිනා ගැනීමට සමත් වුණා.

නමුත් සනත් නිශාන්ත මහතාට හා ඔහුගේ සොහොයුරාට සමූපකාර ඡන්දයෙන් කිසිදු ස්ථානයක් හිමිව නැහැ.

RECENT ARTICLES - SINHALA

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

හොර ඒජන්සිවලට වැඩවරදියි

විදේශ රැකියා ලබාදෙන බව පවසමින් නීති විරෝධී ලෙස මුදල් එක් කරන පුද්ගලයින් තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස කම්කරු සහ විදේශ රැකියා...

ඉරාන සහ ලංකාව අතර ගිවිසුම් 05ක්

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තබා තිබෙනවා. මෙම අවබෝධතා ගිවිසුම් මගින් දෙරට අතර චිත්‍රපට කර්මාන්තය,...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...