රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ නිවසට ගිනි තබයි (වීඩියෝ)

ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ ආරච්චිකට්ටුවේ පිහිටි නිවසට විරෝධතාකරුවන් විසින් ගිනිතබා තිබෙනවා. සාමකාමී විරෝධතාවයේ නියුතු මහජනතාවට පහරදීමට පැමිණි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මැර කල්ලිය සමඟ සනත් නිශාන්ත ද සිටින අයුරු අද (09) දහවල් ගාලු මුවදොරී දැකගත හැකිවුණා.