26 C
Colombo
Wednesday, October 4, 2023

සනත් නැවතත් පිත්ත අතට ගනී

- Advertisement -

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවකු සහ නායකයකු ලෙස කටයුතු කළ සනත් ජයසූරිය මහතා ‘මාර්ග ආරක්ෂණ ලෝක විස්සයි-විස්ස තරගාවලිය’ සඳහා සහභාගි වීමට මේ දිනවල පුහුණුවීම්වල නිරත වනවා.

සනත් සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීම තිලකරන්ත ඩිල්ෂාන් විසින් සිදු කරනු ලබනවා.

රසල් ආනල්ඩ්, මලින්ද වර්ණපුර, චාමර සිල්වා, ධම්මික ප්‍රසාද්, නුවන් කුලසේකර, චින්තක ජයසිංහ සහ අජන්ත මෙන්ඩිස් ඇතුළු හිටපු ක්‍රීඩකයන් රැසක් මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිල නියෝජනය කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වන්නේ සනත් ජයසූරිය සහ තිලකරන්ත දිල්ෂාන් දෙදෙනායි.

“ලෙහෙසි නෑ. දැන් අවුරුදු 50 කටත් වඩා වැඩියි. හැබැයි ට්‍රයි එකක් දෙනවා. මගෙන් කණ්ඩායමට වෙන්න ඕන දේ කරන්න. ”යැයි BRC පිටියේදි පුහුණුවීම් කටයුතු වල නිරත වන සනත් පවසනවා.

RECENT ARTICLES - SINHALA

ලිට්‍රෝ ගෑස් මිල ඉහළට

අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දමා තිබෙනවා. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 343 කින්...

ETF, EPF ස්වාධීන මණ්ඩලයක් යටතට

සේවක අර්ථ සාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල යන දෙකම එක් කර ස්වාධීන මණ්ඩලයක් යටතේ වැඩ කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ...

දරුවන් සිඟමනට යොදා ගැනීම වළක්වන්න කමිටුවක්

දරුවන් සිඟමනට යොදා ගැනීම නතර කිරීම සදහා විශේෂ කමිටුවක් පත් කිරීමට කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාවේදී...

POPULAR ARTICLES

නිපා වෛරසය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් දැනුම් දීමක්

නිපා වෛරසය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට වැඩි අවදානමක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ, ඉන්දියාවේ කේරළ...

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ සිසුන්ට දැනුම් දීමක්

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ අවසන් වූ වහාම එම සිසුන් සඳහා වෘත්තීය පුහුණු පාඨමාලා ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව අධ්‍යාපන අමාත්‍ය...

රන් මිල පහළට

පසුගිය සතියට සාපේක්ෂව අද (02) රන් මිල පහළ වැටීමක් සිදු වී තිබෙන බවට වාර්තා වනවා. ඒ අනුව අද රන් මිල ගණන් වන්නේ, රන් අවුන්සය - රු.597,449.00 කැරට්...