29.7 C
Colombo
Thursday, April 25, 2024

සංගාගේ තේරීම ඉතිහාසය වෙනස් කරයි

- Advertisement -

ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර සභාපතීත්වය දැරු මාර්ලිබෝන් ක්‍රීඩා සමාජයේ නව සභාපතීත්වය එංගලන්ත හිටපු ක්‍රිකට් නායිකාවක් වන ක්ලෙයාර් කොනෝර්ට හිමිව තිබෙනවා.

වසර 233ක දීර්ඝ ඉතිහාසයක් ඇති මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ සභාපතීත්වයට කාන්තාවක් පත්වූ පළමු අවස්ථාව මෙයයි.

2019 වසරේදී එම ක්‍රිකට් සමාජයේ සභාපතීත්වයට කුමාර් සංගක්කාර පත්කෙරුණු අතර ඔහුගෙන් පසු එහි සභාපතීත්වය හිමිවිය යුත්තේ කවුරුන්ද යන්න සංගක්කාර විසින් නම් කළ යුතුවනවා.

ඒ අනුව, මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ වාර්ෂික මහ සභා රැස්වීමදී වර්තමාන සභාපති සංගක්කාර විසින් ඉදිරි වසරේ සභාපතිධුරය වෙනුවෙන් එංගලන්ත වෙනුවෙන් පළමුවරට අළුබදුන ක්‍රිකට් ශූරතාව දිනු ක්ලෙයාර් කොනෝර්ගේ නම යෝජනා කරනු ලැබුවා.

ඇයගේ නම 2020 වසරේදී සංගක්කාර විසින් යෝජනා කර තිබුණත් ලෝව පුරා පවතින කොවිඩ් වසංගතය හේතුවෙන් ඇයට රාජකාරි ආරම්භ කිරීමට හැකි වූයේ නැහැ.

එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව ලෙස කටයුතු කළ ක්ලෙයාර් ගේ නායකත්වයෙන් 2005 වසරේදී එංගලන්තය සිය කුළුදුල් අළුබදුන ජයග්‍රහණය හිමි කරගත්තා.

RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිසේනගේ මැයි රැලිය ගම්පහ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කරන්න ඕන-බන්දුල ගුණවර්ධන

ගොඩ ගැසී ඇති සියලු ම රියදුරු බලපත් එළඹෙන අගෝස්තු මාසය වන විට නිකුත් කර අවසන් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන...

මත්පැන් හිඟ බදු මුදල් ගැන තීරණයක්

2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජුනි මස 30 වනදා වනවිට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...