අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිටදී පොල් ගැසූ සිද්ධියට අත්අඩංගුවට ගත් සමාජ ක්‍රියාකාරී සංජය මහවත්ත හෙට (22) දක්වා යළි රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබෙනවා.
ඔහුව කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී ඇති බවයි වාර්තා වෙන්නේ.
සෞඛ්‍ය අමාත්‍යංශයට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලකට මෙතෙක් සාධාරණයක් ඉටු වී නැති බවට පවසමින් මගෙන් රටට සංවිධානය ඊයේ (20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට පැමිණ පොල් ගසා විරෝධතාවක් සිදුකර තිබුණා.
ඒ අනුව පැමිණි එම සංවිධානයේ සභාපති සංජය මහවත්ත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිටට පැමිණ පොල් ගෙඩියක් ගැසීමත් සමඟ ඔහුව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.