සමාජ ක්‍රියාකාරී සංජය මහවත්තට හෙට පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.
හෙට පෙරවරු 9 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදෙන ලෙසයි සංජය මහවත්තට නියෝග කෙරුණේ.
ඒ ප්‍රමිතියෙන් තොර ඖෂධ නඩුවේ සාක්ෂිකරුවන්ට එරෙහිව සිය යුටියුබ් නාලිකාව ඔස්සේ අසත්‍ය තොරතුරු ඇතුලත් වීඩියෝවක් සමාජ ගත කළ බවට වන චෝදනාවක් සම්බන්ධයෙනුයි.
එම වීඩියෝ පටයට අදාළ සංස්කරණය නොකළ දර්ශන ද රැගෙන යන ලෙස අධිකරණය නියෝග කළා.
මෙම සිද්ධියට අදාළ නඩුව අද කැදවු අවස්ථාවේ සංජය මහවත්ත ද නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණය හමුවේ පෙනී සිටියා.
නීතිඥවරයෙකු සමඟ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යාමට සංජය මහවත්තගේ නීතිඥවරුන් කළ ඉල්ලීමට අධිකරණ අවසර ලබා දුන්නා.