සෞඛ්‍ය අමාත්‍යංශයට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලකට මෙතෙක් සාධාරණයක් ඉටු වී නැති බවට පවසමින් මගෙන් රටට සංවිධානය අද (20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට පැමිණ පොල් ගසා විරෝධතාවක් සිදුකරන සිදු කරන බව දන්වා තිබුණා.
එම හේතුව නිසා අද පෙරවරුවේ සිටම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදා තිබුණා.
ඒ අනුව පැමිණි එම සංවිධානයේ සභාපති සංජය මහවත්ත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිටට පැමිණ පොල් ගෙඩියක් ගැසීමත් සමග ඔහුව පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තා.
එහිදී උණුසුම් තත්ත්වයක් ඇති වූ අතර සංජීව මහවත්ත කොටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රැගෙන ගියා.
ඔහු සමඟ පැමිණි භික්ෂූන් වහන්සේ නමක් සහ නීතිඥවරියක් ද මෙහි දී මාධ්‍ය වෙත අදහස් දැක්වූවා