30 C
Colombo
Monday, April 21, 2025

සන්තෝෂ් ජා , අනුර හමුවක්

- Advertisement -

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා (Santosh Jha) අතර හමුවක් අද (02) ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා.

පසුගිය ජනාධිපතිවරණයෙන් අනුර කුමාර දිසානායක මහතා ලබාගත් ජයග්‍රහණය වෙනුවෙන් සිය හෘදයාංගම සුබපැතුම් පළ කළ ඉන්දීය මහකොමසාරිස්වරයා ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලියට හැකි සෑම ආකාරයකින්ම සහාය දැක්වීමට ඉන්දියාව සූදානමින් සිටින බව පවසා තිබෙනවා.

ශ්‍රී ලංකාව කලාපයේ සාමකාමී සහ ස්ථාවර රාජ්‍යයක් ලෙස ඉස්මතු වනු දැකීම සිය රටේ ප්‍රාර්ථනාව බවත් ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා පවසා තිබුණා.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගු කාලීන මිත්‍රත්වය සහ සමීපතාව සිහිපත් කළ ඉන්දීය මහකොමසාරිස්වරයා අසල්වැසි සහෝදර රාජ්‍යයන් ලෙස දෙරට අතර අඛණ්ඩ සහ ස්ථාවර මිත්‍රත්වයක් පවත්වාගනිමින් ඉදිරියට යාමේ වැදගත්කම අවධාරණය කර තිබෙනවා.

විශේෂයෙන්ම දූෂණයට එරෙහිව ඵලදායි ලෙස සටන් කිරීම සඳහා රාජ්‍ය පද්ධතිවල ඩිජිටල්කරණයේ වැදගත්කම පෙන්වාදුන් ඉන්දීය මහ කොමසාරිස්වරයා, ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ දක්වා ඇති දූෂණ විරෝධී වැඩපිළිවෙළ ද අගය කළා.

එසේම ඩිජිටල්කරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී ශ්‍රී ලංකාවට සහාය වීමට ඉන්දියාව කැමැත්තෙන් පසුවන බව ද මහකොමසාරිස්වරයා සඳහන් කළා

RECENT ARTICLES - SINHALA

පාස්කු ප්‍රහාරය ගැන මාධ්‍යවේදීන් අහනකොට මෛත්‍රිට හදිසියක්

ජනාධිපති අරමුදලේ මුදල් ලබා දීමේ අක්‍රමිකතාවයක් සිදුවි තිබේනම් එය මුදල් ලබා ගත් මන්ත්‍රිවරයා හෝ ඇමතිවරයා අතින් සිදුවි තිබෙන බව හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා...

පොලිසියට යන්න ඉන්නවනම් මෙන්න අවස්ථාව

ශ්‍රී ලංකා පොලීසියට මෙම වසරේදී නිලධාරීන් 5,000ක් බඳවා ගැනීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා. ඒ අනුව ඉන් නිලධාරීන් 2,000ක් ඉතාමත්...

තැපැල් ඡන්ද හිමියන්ට මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්

2025 මැයි 06 පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට ඔබගේ අනන්‍යතාව තහවුරු කෙරෙන පිළිගත් ලියවිල්ලක් රැගෙන යාම අනිවාර්ය වී තිබෙනවා. ඒ...

POPULAR ARTICLES

ආහාර සුරක්ෂිතතා කමිටුව අදත් රැස්වෙලා

රට තුළ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා ආහාර සුරක්ෂිතතා කමිටුව 06 වන වරටත් අද (21) රැස් වුණා. ඒ කෘෂිකර්ම, පශු සම්පත්,...

පාස්කු ප්‍රහාරය ගැන මාධ්‍යවේදීන් අහනකොට මෛත්‍රිට හදිසියක්

ජනාධිපති අරමුදලේ මුදල් ලබා දීමේ අක්‍රමිකතාවයක් සිදුවි තිබේනම් එය මුදල් ලබා ගත් මන්ත්‍රිවරයා හෝ ඇමතිවරයා අතින් සිදුවි තිබෙන බව හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා...

මර්වින් සිල්වාට අධිකරණයෙන් නියෝගයක්

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අද (21) අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ ලබන 05 වනදා දක්වායි. කිරිබත්ගොඩ ඉඩම් නඩු සිද්ධියට...