ජනප්‍රිය ගායකයෙක් මෙන්ම සංගීතඥයෙක් වන සනුක වික්‍රමසිංහ හා ජනප්‍රිය ගායිකාවක් වන වින්ඩි ගුණතිලක අද (26) විවාහ දිවියට එළැඹ තිබෙනවා.
ඒ ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ග්‍රෑන්ඩ් මොනාච් ඉම්පීරියල් හෝටලයේදීයි.
සනුක වික්‍රමසිංහ යනු ප්‍රවීන සංගීතඥයෙකු වන සංගීත් වික්‍රමසිංහ මහතාගේ පුතණුවන් වන අතර වින්ඩි ගුණතිලක යනු ප්‍රවීන සංගීතවේදී රූකාන්ත ගුණතිලක මහතාගේ හා ප්‍රවීන ගායිකා චන්ද්‍රලේඛා පෙරේරා මහත්මියගේ දියණියයි.
සනුක හා වින්ඩි එක්ව මෑතකදී නිර්මාණය කරන ලද ‘අයියෝ සාමි ‘ ගීතය මේ වන විට මෙරට මෙන්ම රටවල් රැසක ජනප්‍රිය ගීතයක් වී තිබෙනවා.