27 C
Colombo
Saturday, June 10, 2023

සපුගස්කන්දත් විකුණන්නයි හදන්නේ – විජිත හේරත්

- Advertisement -

ඛණිජ තෙල් නීතිගත සංස්ථා පනත සංශෝධනය කර එහි බලතල ඇමතිවරයා යටතට ගැනීමට කටයුතු යොදමින් තිබෙන්නේ මෙරට තෙල් ඒකාධිකාරය විදෙස් රටවලට හා සමාගම් වෙතට පැවරීමේ සැලැස්මට අනුව බව ජවිපෙ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසනවා.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද (09) ජවිපෙ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදීයි.

දේශප්‍රේමී සළු පොරවාගෙන ආයෝජනවලට මුවාවෙමින් රටේ සම්පත් විකුණා දැමීමට ඔවුන් කටයුතු කරමින් සිටින බවයි මෙහිදී මන්ත්‍රීවරයා පෙන්වාදුන්නේ.

මෙම පනත සංශෝධනය කිරීම හරහා සිදුවන්නේ මෙතෙක් කල් පැවති තෙල් ආනයනය, අපනයනය, ගබඩා කිරීම, පිරිපහදු කිරීම, බෙදාහැරීම සහ අලෙවිය යන සියලූ කාර්යයන් වෙනත් ඕනෑම කෙනෙකුට පැවරීමේ බලය ලබාගැනීම බවද හෙතෙම සඳහන් කරන ලදී.

”ඩොලර් මිලියන 3,000ක ආයෝජනයක් අරගෙන අලූත් ව්‍යවසායකයෙක් එන බව ඇමතිවරයා කියනවා. ඒ නිසා මේ පනත සංශෝධනය කර අලූත් පිරිපහදුවකට අවස්ථාව දිය යුතු බවට පට්ට පල් බොරු කියනවා. අපේ රටේ ජාතික සම්පතක් වෙච්ච තෙල් පිරිපහදුව කොම්පැණිවලට පැවරීමේ බලය ඇමතිවරයා අතට ගන්නවා.

අයි. ඕ.සී. සමාගමට තිබෙන කාලය 2023 දෙසැම්බර් 31 වෙනකොට අවසන් වෙනවා. නැවත ඒ බලය අයි. ඕ.සී. එකට දෙන්න පවතින පනත අනුව බැහැ. ඒ නිසා ඇමතිවරයාට බලය පවරාගෙන පිරිපහදුවේ කතාවක් දාලා අයි. ඕ.සී. එකට දීපු ලයිසන් එක නැවත දීර්ඝ කරන්න මේ හදන්නේ. පළවැනි උවමනාව ඒක. අයි. ඕ.සී. ගිවිසුම අවසන්වී ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට නැවත පූර්ණ ඒකාධිකාරිත්වය එනවා. ඒක වළක්වන එකයි පළවැනි උවමනාව. ඊළඟට ති‍්‍රකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට ලාබා දෙන එක තහවුරු කිරීමයි. ලෝක දේශපාලනයේ බල අරගලය නිසා ඇමරිකාවට, චීනයට, ඉන්දියාවට අපේ රට මැදිවී තිබෙනවා. ති‍්‍රකුණාමලය තෙල් ටැංකි ටික අයි. ඕ.සී. එකට පවරලා හම්බන්තොට වරාය සමාගමට අයිති සිනෝපෙක් ආයතනය තෙල් ආනයනය කරලා නැව්වලට ලබාදෙනවා. සිනෝපෙක් කොම්පැනියෙන් ගෙන්වන නැව් තෙල් අයි. ඕ.සී. කොම්පැණියෙන් ගන්නවා. ආණ්ඩුව මේ කරන්න හදන්නේ හම්බන්තොට වරායෙන් නැව් තෙල් ගේන සිනෝපෙක් ආයතනයට ඒ පරිශ‍්‍රයේ ඊළඟ තෙල් පිරිපහදුව හදන්න අවසර දීමයි.”

එමෙන්ම පසුගිය කාලය තුළ කළ සියලුම පාර්ශව විසින් ඛනිජ තෙල් සංස්ථාවට පාඩු සිදුකර තිබෙන බවත් ඒ අනුව මේ වන විට ඛනිජ තෙල් සංස්ථාව ලංකා බැංකුව, මහජන බැංකුව, කියන ප‍්‍රධාන බැංකු දෙකට ඩොලර් මිලියන 3300ක ණයක් ගෙවීමට තිබෙන බව විජිත හේරත් මහතා පැහැදිලි කළේය.

”හිටපු පාලකයෝ තෙල් සංස්ථාව පාඩු කරලා දැන් වෙනකොට කෝටි 66,000ක ණයකරුවෙක් කරලා. එදා නැව් 03ක් තිබුණු තෙල් සංස්ථාවේ අද තත්වය ඒක. පනත සංශෝධනය කරලා තෙල් ආනයනය, පිරිපහදුව සහ බෙදාහැරීම එක පැත්තකින් අයි. ඕ.සී. සමාගමටත් අනෙක් පැත්තෙන් චීන සමාගමටත් ලබාදෙනවා. ඊට අමතරව වෙනත් ඕනෑම බහුජාතික සමාගම්වලටත් අවසර දෙන්න හැකියාව ලබාගන්නවා. මෙතෙක් රාජ්‍යය සතුව තිබුණු තෙල් ඒකාධිකාරයේ සියලූ බලතල පුද්ගලික අංශයට දෙනවා. මේ නිසා තෙල් සංස්ථාව මුළුමනින්ම විනාශවී යනවා.” යනුවෙන් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදි.

RECENT ARTICLES - SINHALA

ජංගම දුරකථන සහ උපාංග වල මිල 20% කින් අඩු වන ලකුණු?

ජංගම දුරකථන සහ උපාංග වල මිල සියයට 20 කින් පමණ අඩු කිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ජංගම දුරකථන ආනයන සහ...

කිරින්ද වෙරළේදී තරුණියන් දෙදෙනෙකු රළ පහරට හසුවෙයි

කිරින්ද විහාරය ආසන්නයේදී මුහුදු රළ පහරට හසුවීමෙන් තරුණියක් අතුරුදහන්ව තවත් තරුණියක් මියගොස් තිබෙනවා. අද (09) උදෑසන කාලයේදී තරුණියන් තිදෙනෙකු...

විදේශගත ශ්‍රමිකයින්ගෙන් ඩොලර් මිලියන 480 ක්

මැයි මාසයේදී විදේශගත ශ්‍රමිකයන් මෙරටට ඩොලර් මිලියන 480 කට වැඩි මුදල් ප්‍රමාණයක් එවා ඇති බව කම්කරු හා විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

RECENT ARTICLES - ENGLISH

Consideration of ‘Casino Bill’ postponed until regulatory authority established

0
Consideration of Betting and Gaming Taxes (Amendment) Bill postponed until timeline for establishing regulatory authority is worked out, the Committee on Public...

Ajith Prasanna sentenced another six months RI

0
Major (Retired) Ajith Prasanna has been sentenced to six months of rigorous imprisonment by the Court of Appeal. This...

Danushka Gunathilaka to stand trial accused of raping woman in Sydney

0
Cricketer Danushka Gunathilaka will stand trial accused of raping a woman while in Sydney for the T20 World Cup.