ෂැංග්‍රිලා හෝටලයේ සාදයක් පැවැත්වීම නිසා අත් අඩංගුවට පත්ව ඇප මත නිදස් වූ පියුමි හංසමාලි ඇතුළු පිරිස නිරෝධායනය වෙත ගෙනයාමේදී තමන් දුරකථන ඇමතුමක් ලබා දී බස් රථය ආපසු හරවන්නැයි පැවසූ බවට පළවන පුවත් අසත්‍ය බව අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා පවසන්නේ පියුමි හංසමාලි විසින් දුරකථන ඇමතුමක් ලබා දී නිරෝධායනය වීමට අවශ්‍ය ඇඳුම් පවා නොමැති පිරිසක් සිටින බව පැවසූ බවත් චන්දිමාල් ජයසිංහ විසින් මෙය තහවුරු කළ බවත් ය. එබැවින්, එම පිරිසට තම ඇඳුම් ගෙන්වා ගැනීමට පමණක් අවස්ථාවක් ලබා දීමට උපදෙස් දුන් බවයි ඒ මහතා පවසන්නේ.
මෙය ජන ගැටළුවකට සවන්දීමක් පමණක් බවත් ඇතැම් පිරිස් ද්වේෂසහගතව ව්‍යාජ පුවත් මවා ඇති බවත් එම ලිපියෙහි දැක්වෙනවා.
