33 C
Colombo
Friday, April 19, 2024

මුස්ලිම්වරුන් අල්ලාහ් දෙවියන්ට පසුව අදහන එකම දෙවියා සරත් වීරසේකරලු

- Advertisement -

අල්ලාහ් දෙවියන්ට පසුව අදහන එකම දෙවියන් තමන් යැයි යැයි අම්පාර ජනතාව පවසන බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසනවා.

ඒ, ඊයේ (30) දින සියත ගුවන් විදුලි නාලිකාවේ උදෑසන වැඩසටහනට සහභාගී වෙමින්.

තමා මුස්ලිම් ජනතාව අන්තවාදී යැයි නොපවසන නමුත් අන්තවාදී මුස්ලිම් කණ්ඩායම් සම්බන්ධයෙන් විපරමින් සිටිය යුතු බවයි ඔහු පවසන්නේ.

“ඉස්ලාම් රාජ්‍ය කියන මතවාදය තියෙන කල් ඔවුන්ට ඕනෑම මොහොතක ප්‍රහාරයක් එල්ල කරන්න පුලුවන්. අනික අයි.එස්. මතවාදීන්ගේ භයානකකම තමයි ඔවුන් හිතනවා ඉස්ලාම් නොවන කෙනෙක් මැරුවම ඔවුන්ට දිව්‍ය ලෝකෙ ගිහින් කන්‍යාවො සමඟ ඉන්න පුළුවන් කියලා.”

කෙසේ නමුත් සිංහල හෝ දෙමළ පිරිස් සතුව එවැනි මතවාදයන් නොතිබිය හැකිබවත් ඊට හේතුව වන්නේ සිංහල ජනතාවගේ හෝ දෙමළ ජනතාවගේ ආගමික සංස්කෘතිය බවත් ඔහු පවසනවා.

ඒත් එය මුස්ලිම් තරුණයෙක්ට කළ හැකි නිසා සුපරීක්ෂා විය යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.

කෙසේ නමුත්, සියලුම මුස්ලිම්වරුන් අන්තවාදී යැයි තමා කිසිලෙසකවත් නොපවසන බව ඔහු නැවතත් අවධාරණය කර සිටිනවා.

RECENT ARTICLES - SINHALA

මුහුද මැදදී මගී බෝට්ටුවක දරුවෙකු ප්‍රසූත කරයි

යාපනය නාගදීපය ප්‍රදේශයේ දී ප්‍රසව වේදනාවෙන් සිටි මවක් රෝහලට මුහුදු මාර්ගයෙන් රැගෙන යමින් සිටිය දී මගී යාත්‍රාවක් තුල දී බිළිඳෙකු ප්‍රසූත කර ඇති බවට...

රැග් එක නවත්තන්න ‘මෛත්‍රී’ මාසයක්

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කීරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. උසස්...

කන්ටේනර් අනතුරෙන් හතරක් රෝහලට

අම්පාර සිට වැලිමඩට හාල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් ටැංකියක් සහිතව ධාවනය වූ විශාල ලොරි රථයක් අද (19) බදුල්ල නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වේල්ලවෙල හන්දිය...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...