27.9 C
Colombo
Tuesday, May 13, 2025

සුරක්ෂා සිසු රක්ෂණය අද සිට

- Advertisement -

අද දින සිට වසර තුනක කාලයක් සඳහා සුරක්ෂා සිසු රක්ෂණය රජයේ සියලුම පාසල්, රජයේ අනුමත සියලු ම පෞද්ගලික පාසල්වලත්, පිරිවෙන් සහ උපකෘත විශේෂිත පාසල්වලත් අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් වෙනුවෙන් ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසුවා.

අමාත්‍යවරයා ඒ බව පැවසුවේ අධ්‍යාපන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව අතර එම රක්ෂණාවරණය ක්‍රියාත්මක කිරීමට අදාළ ගිවිසුමට අත්සන් තැබීමේ අවස්ථාවට එක් වෙමින්.

අධ්‍යාපන අමාත්‍යාංශය වෙනුවෙන් අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය ගිවිසුමට අත්සන් තැබූ අතර, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව වෙනුවෙන් එහි ප්‍රධාන මෙහෙයුම් නිලධාරි ප්‍රියන්ත පෙරේරා මහතා ඊට අත්සන් තැබුවා.

මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, අධ්‍යාපන අමාත්‍යාංශය රුපියල් මිලියන 7,112 ක මුදලක් මේ සඳහා ආයෝජනය කර ඇති බවත් මෙම රක්ෂණාවරණය මගින් රජයේ හෝ පෞද්ගලික රෝහල් නේවාසික ප්‍රතිකාර සඳහා ප්‍රතිලාභ ලෙස රු. 300,000/-ක් ද, බාහිර ප්‍රතිකාර සඳහා ප්‍රතිලාභ වශයෙන් රු. 20,000/-ක් සහ අසාධ්‍ය රෝග ප්‍රතිලාභ ලෙස රු. 1,500,000/- ක් දක්වා ප්‍රතිලාභ හිමි බවත්, අනතුරු රක්ෂණාවරණ මගින් පූර්ණ සදාකාලික අකර්මණ්‍යතාවක දී රු. 200,000/-ක් ද, සදාකාලික අර්ධ අකර්මණ්‍යතාවක දී රු.150,000/-ක් ද, තාවකාලික අකර්මණ්‍යතාවයක දී 25,000/- සිට 100,000/- දක්වා ද ප්‍රතිලාභ හිමි වන බවයි.

එමෙන්ම ජීවිත රක්ෂණාවරණය යටතේ වාර්ෂික ආදායම රු.180,000/-කට වඩා අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන්ට අමතරව ‘අස්වැසුම ‘ වැඩසටහනට අයත් පවුල්වල සිසුන්ගේ මාපිය, නීත්‍යනුකූල භාරකරු වියෝවක දී සිසු දරුවකු සඳහා රු. 75,000/= බැගින් ද, එක් මරණයක් වෙනුවෙන් වෙන් කරනු ලබන උපරිම මුදල රු. 225,000/- වන බවත් පවුලේ සියලු ම සිසුන් අතර එම මුදල සමානව වෙන් කරන බවත් මාපියන් දෙදෙනාගේ ම හෝ නීත්‍යනුකූල භාරකරුගේ මරණ සඳහා වෙන් වෙන් වශයෙන් මෙම රක්ෂණාවරණය හිමි වන බවත් අමාත්‍යවරයා එහිදී සඳහන් කළා.

තවද, පාසල් සිසුන්ට මෙම රක්ෂණාවරණය සඳහා නොමිලේ කාඩ්පතක් හිමි වන අතර, මෙම රක්ෂණාවරණය ඩිජිටල්කරණය කර තිබීම ද විශේෂත්වයක්.

RECENT ARTICLES - SINHALA

බස් රථයක් අනතුරක – 20ක් රෝහලේ

වන්දනා ගමනක් යමින් සිටි බස් රථයක් මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. අලදෙණිය, යටිහලගල ප්‍රදේශයේදී අද (12)...

ටීචර් අම්මව හොයන්න පොලිස් කණ්ඩායම් 3ක්

ශිෂ්‍යත්ව උපකාරක පන්ති පවත්වනු ලබන ‘ටීචර් අම්මා‘ හෙවත් හයේෂිකා ප්‍රනාන්දු අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් කණ්ඩායමක් 3 ක් යොදවා ඇති බව පොලීසිය පවසනවා. පොලිසිය පවසන්නේ, සැකකාරිය...

BMW ජීප් රියක් දුම්රියේ ගැටී අනතුරක්: 4ක් රෝහලේ

අහංගම, කබලාන ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයේදී BMW වර්ගයේ ජීප් රථයක් දුම්රියක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. අද (12) දහවල් මෙම අනතුර සිදුව ඇති අතර අනතුර සිදුවන...

POPULAR ARTICLES

බස් රථයක් අනතුරක – 20ක් රෝහලේ

වන්දනා ගමනක් යමින් සිටි බස් රථයක් මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. අලදෙණිය, යටිහලගල ප්‍රදේශයේදී අද (12)...

චමරි අතපත්තුට දඩයක්

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම් නායිකා චමරි අතපත්තුට ඇගේ තරග ගාස්තුවෙන් සියයට 10 ක දඩයක් නියම කර තිබෙනවා. ඒ, දකුණු අප්‍රිකාවට එරෙහිව කොළඹදී පසුගිය සිකුරාදා...

ටීචර් අම්මව හොයන්න පොලිස් කණ්ඩායම් 3ක්

ශිෂ්‍යත්ව උපකාරක පන්ති පවත්වනු ලබන ‘ටීචර් අම්මා‘ හෙවත් හයේෂිකා ප්‍රනාන්දු අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් කණ්ඩායමක් 3 ක් යොදවා ඇති බව පොලීසිය පවසනවා. පොලිසිය පවසන්නේ, සැකකාරිය...