27 C
Colombo
Saturday, May 24, 2025

සරෝජා පෝල්රාජ් උද්දච්ඡයි – ජෝසප් ස්ටාර්ලින්

- Advertisement -

කොටහේන දැරිය මියයා‍මේ සිදුවීම සම්බන්ධයෙන් අදාළ දෙමව්පියන් තමන් හමුවට නොපැමිණි බවට පවසන කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය උද්දච්චකමකින් පෙළෙන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ‍ජෝශප් ස්ටාලින් මහතා පවසනවා.

අද (09) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ, කවුරුන් කාවවත් හමුවීමට යාමේ අවශ්‍යතාවයක් නොමැති බවත්, ළමයින් සම්බන්ධ ගැටලුවකදී එක් ස්ථානයකට පැමිණිලි කළ පසු එය ප්‍රමාණවත් වන බවයි.

ඒ සම්බන්ධයෙන් පැමිණිල්ල කළේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට බවද ඔහු එහිදී කියා සිටියා.

එම පැමිණිල්ල යොමුකළ යුතුව තිබුණේ අදාළ පාසලේ විදුහල්පතිවරිය විසින් බවට පවසමින් ජෝසෆ් ස්ටාලින් මහතා කියා සිටියේ එය ඇය විසින් සිදු නොකළ බවත් ඇය සිදු කළේ මෙම සිද්ධිය වැසීමට කටයුතු කිරීම බවයි.

ඊයේ (08) දිනයේ තමා ජනාධිපති මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල්වරයා හමුවූ අවස්ථාවේදී, චෝදනාවට ලක්වන අදාළ පුද්ගලයා ජාතික ජන බලවේගයේ අපේක්ෂකයෙක් හා සංවිධායකවරයෙක් බවට ඔවුන්ට පෙන්වාදුන් බව ඔහු පෙන්වාදෙනවා.

එහිදී දේශපාලන මැදිහත්වීමක් සිදු නොකරන බවට අධ්‍යක්ෂ ජනරාල්වරයා සහතික වූ බව ජෝශප් ස්ටාලින් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

RECENT ARTICLES - SINHALA

අද වැසි වැටෙන ප්‍රදේශ

බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (24) දිනයේ විටින් විට වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව පළාතෙත් අම්පාර සහ...

බස් රථයක් පෙරළී අනතුරක්: 21ක් රෝහලේ

නුවරඑළිය - මහනුවර මාර්ගයේ ටොප්පාස් ප්‍රදේශයේදී නුවරඑළිය දෙස සිට මහනුවර දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරලී ගොස් ඊයේ (23) රාත්‍රියේ...

තීරුබදු ගැන සාකච්ඡා කරන්න නියෝජිත පිරිසක් වොෂින්ටනයට

එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලය (USTR) විසින් කරන ලද ආරාධනයකට අනුව, තීරුබදුවලට අදාළ කරුණු පිළිබඳ අවධානය යොමු කරමින්, වොෂින්ටන් ඩී.සී.හි පැවැත්වෙන සාකච්ඡා සඳහා ශ්‍රී...

POPULAR ARTICLES

අද වැසි වැටෙන ප්‍රදේශ

බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (24) දිනයේ විටින් විට වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව පළාතෙත් අම්පාර සහ...

බස් රථයක් පෙරළී අනතුරක්: 21ක් රෝහලේ

නුවරඑළිය - මහනුවර මාර්ගයේ ටොප්පාස් ප්‍රදේශයේදී නුවරඑළිය දෙස සිට මහනුවර දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරලී ගොස් ඊයේ (23) රාත්‍රියේ...

නිළි රැජිණ මාලනී ෆොන්සේකා දිවි සැරිය නිම කරයි

‘ශ්‍රී ලාංකේය සිනමාවේ නිළි රැජින’ ලෙස කිරුළු පැළඳූ ජ්‍යේෂ්ඨ රංගන ශිල්පිනී මාලනී ෆොන්සේකා මහත්මිය අද (24)  අලුයම අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යනවිට ඇය 78වන වියෙහි...