27.4 C
Colombo
Wednesday, June 7, 2023

රස්සාවයි, ජීවිතයි බේරලා දෙන්න කියලා අස්ගිරි හිමි හම්බවෙලා කණ්නලව් කරන්න ආවේ (VIDEO)

- Advertisement -

ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසක් අද පෙරවරුවේ සියම් මහ නිකායේ අස්ගිරි පාර්ශවයේ නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහ නා හිමියන් බැහැදුටුවා.

මෙම අවස්ථාවට බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසක් සහභාගී වුණා.

මෙහිදී අස්ගිරි නාහිමියන් වෙත අදහස් දක්වමින් ඔවුන් කියා සිටියේ බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් ගතයුතු නිශ්චිත ක්‍රියාමාර්ගයක් පිළිබඳව රජයවත්, එවකට පැවති රජයවත් ආරක්ෂක අමාත්‍යංශය විසින්වත් පැහැදිළි උපදෙසක් පොලිස් නිලධාරීන්ට ලබාදි නොතිබූ බවයි.

යුද්ධයෙන් පසුව සාමකාමී වාතාවරනයක් යටතේ සංහිදියාව නැමති තේමාවක් යටතේ එවකට රජය කටයුතු කළ බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

විශේෂයෙන් මුස්ලිම් ප්‍රජාව සමඟ සමීපව කටයුතු කළ නිසා අයි.එස්.අයි.එස් ත්‍රස්තවාදීන් සම්බන්ධවත් ගැඹුරින් කටයුතු නොකළ බවත් ඒ හේතුවෙන් 300ක පමණ අසරණ ජීවිත අහිමිවූ බවත් ඔවුන් පවසනවා.

එම ප්‍රදේශවල සේවය කළ නිසාවෙන්ම පොලිස් නිලධාරීන්ට එරෙහිව විමර්ශන අරඹන ලෙස ජනාධිපති කොමිෂන් සභාව විසින් නියෝග ගෙන ඇති බවත් එලෙස විමර්ශනයක් සිදුවන විට ඔවුන්ට විශ්‍රාම වැටුපද අහිමිවීමේ ගැටලුවකට මුහුණ දී ඇති බවත් ඔවුන් අස්ගිරි නායක හිමියන්ට පෙන්වා දෙනවා.

එබැවින් මේ සම්බන්ධයෙන් මැදිහත්වීමක් කරන ලෙසයි ඔවුන් අස්ගිරි හිමියන්ගෙන් ඉල්ලා සිටින්නේ.

ඉන්පසුව. මාධ්‍යවෙත අදහස් දක්වමින් මොණරාගල කොට්ඨාශයභාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී සිසිල කුමාර හේරත් මහතා පවසා සිටියේ රාජකාරිය කිරීම වරදක් වීම හේතුවෙන් රැකියාව අහිමිවීමේ හෝ සිරදඬුවම් ලැබීමේ අවදානමක සිටින බැවින් ඒ සම්බන්ධයෙන් මහ නා හිමියන්ට සහ දළඳා වහන්සේට කණ්ණලව් කිරීමට මෙලෙස පැමිණි බවයි.

RECENT ARTICLES - SINHALA

සුරාබදු නිලධාරීන් පිරිසක් කොළඹ වන් ගෝල්ෆේස් හිදී යකා නටයි

බීමත් සුරාබදු නිලධාරීන් කණ්ඩායමක් කොළඹ වන් ගෝල්ෆේස් වෙළඳ සංකීර්ණයේ පිහිටි පීසා ආපන ශාලාවක සේවකයෙකුට ඊයේ (06) රාත්‍රියේ පහර දී තිබෙනවා.

මහනුවර උසස් විදුහලක සිසු පිරිසක් තවත් සිසුවෙකුට විකට් පොලුවලින් පහර දීලා

මේ දිනවල පැවැත්වෙන අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය ප්‍රශ්ණ පත්‍රය ඊයේ (06) පෙරවරුවේ මුහුණ දුන් මහනුවර කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහලේ සිසුවෙකුට එම...

සාපෙළ විභාග වංචා තුනක් වාර්තා වෙයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළව වංචා සිද්ධීන් තුනක් ඊයේ (06) දින වාර්තා වී තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව...

RECENT ARTICLES - ENGLISH

Essential drug prices to be reduced from 15 June

0
The Cabinet of Ministers approved the proposal raised by the Minister of Health to reduce the maximum retail price of 60 medicines...

Nearly 80 students, mostly girls, are poisoned in Afghanistan

0
Nearly 80 primary school students, mostly girls, are suspected to have been poisoned over the weekend and taken to hospital in Afghanistan’s...

Delays in trials pertaining to child abuse cases studied

0
The Sectoral Oversight Committee on Children, Women and Gender looks into the prevention of delays in trial pertaining to the cases of...