31 C
Colombo
Friday, January 17, 2025

ශිෂ්‍යත්ව පිළිතුරු පත් ඇගයීම ඇරඹේ

- Advertisement -

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් අද (08) ආරම්භ වනවා.

එය ලබන 12 වැනිදා දක්වා සිදු කෙරෙනු ඇති.

ප්‍රතිඵල දින 40ක් ඇතුළත නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළා.

ආන්දෝලනයට තුඩුදුන් ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ පිටවී ඇතැයි කියන ප්‍රශ්න 03ට සියලු අපේක්ෂකයින්ට නිදහස් ලකුණු ලබා දීමට පසුගිය දා තීරණය කරනු ලැබුවා.

පසුගිය සැප්තැම්බර් 15 වැනිදා පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 03ක් විභාගයට පෙර පිට වී ඇති බව පවසමින් විභාග වූ නඩුවේ තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශයට පත් කළේ, පසුගිය 31 වැනි දායි.

ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය විභාග කොමසාරිස් ජනරාල්වරයාට නියෝග කළේ, ආන්දෝලනයකට තුඩු දුන් 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 3කට නිදහස් ලකුණු දීම, ප්‍රශ්න 3 කප්පාදු කිරීම සහ සම්පූර්ණ විභාගය යළි පැවැත්වීම යන නිර්දේශ 3 අතරින් සුදුසුම නිර්දේශය තෝරාගෙන එය වහාම ක්‍රියාත්මක කරන ලෙසයි.

මෙම එක් එක් නිර්දේශ ක්‍රියාත්මක කිරීම මගින් ඇතිවිය හැකි හිතකර මෙන්ම අහිතකර බලපෑම් සම්බන්ධයෙන් වඩාත් ගැඹුරින් අධ්‍යයනය කර ලබා දිය හැකි වඩාත් සාධාරණ හා සුදුසුම විසඳුම අදාළ ප්‍රශ්න තුන සඳහා සියලුම විභාග අපේක්ෂකයින්ට නිදහස් ලකුණු ප්‍රදානය කිරීම බව විභාග දෙපාර්තමේන්තුව පසුගිය 01 වැනිදා පස්වරුවේ නිවේදනය කළා.

RECENT ARTICLES - SINHALA

විදුලි ගාස්තු සංශෝධනය ගැන විශේෂ නිවේදනයක්

විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් බලශක්ති අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයේ සඳහන් වන්නේ, ඒ අනුව මහජන උපයෝගීතා කොමිසම විසින් නිර්දේශ කර...

අධිකරණයට අපහාස කළාට සුදාට නඩුවක්

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් රංගන ශිල්පී සුදත්ත තිලකසිරිට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබෙනවා. රංගන ශිල්පී සුදත්ත තිලකසිරි විසින් පවත්වාගෙන යනු ලබන යුටියුබ් නාලිකාවක...

කාදිනල්හිමිගේ පෙත්සමකට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

එක්ස්ප්රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය තුළින් පරිසරයට හා ධීවරයින්ට සිදුවූ හානිය වෙනුවෙන් වන්දි අය කර දෙන ලෙස ඉල්ලා අති උතුම් මැල්කම් රංජිත් කාදිනල්...

POPULAR ARTICLES