ගුරු- විදුහල්පති වෘත්තීය සමිති අද (26) දිනයේ ලෙඩ නිවාඩු වාර්තා කරමින් දීපව්‍යාප්ත වැඩවර්ජනයක නිරතව සිටිනවා.
මේ හේතුවෙන් දිවයින පුරා පාසල්වල පාසල් දරුවන්ද පැමිණීමේ විශාල අඩුවක් දක්නට ලැබුණු බව අප වාර්තාකරුවන් සදහන් කළා.
පාසල් පැවැත්වෙන දිනයක් වූ අද දිනයේ කොළඹ නගරයේ වෙනදා පැවතෙන වාහන තදබදයද දක්නට නොලැබුණු බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ.
ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේ, සියලුම ගුරු, විදුහල්පතිවරුන් කොළඹට කැඳවා අද දහවල් විශාල විරෝධතාවක් පවත්වන බවයි.
කෙසේවෙතත් අදාළ විරෝධතා පිළිබදව අදහස් දක්වමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සදහන් කරන්නේ කෙතෙක් වර්ජන විරෝධතා කළද මේ වසරේ වැටුප් වැඩිකිරීමට තරම් මුදලක් භාණ්ඩාගාරය සතු නොවන බවයි.