හංවැල්ල – ඇඹුල්ගම ප්‍රදේශයේදී 17 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් පැහැරගෙන ගොස් සමූහ දූෂණයට ලක් කළ බව කියන තරුණයින් 05 දෙනෙකු සොයා විශේෂ පරීක්ෂණයක් ආරම්භ කල බව හංවැල්ල පොලිසිය පවසනවා.
මෙලෙස සමූහ දූෂණයට ලක් වූ පාසල් ශිෂ්‍යාව තම පෙම්වතා හමුවීමට ගොස් නැවත නිවස බලා පැමිණෙමින් සිටි අතරතුරදී යතුරු පැදි වලින් පැමිණි පුද්ගලයින් පස් දෙනෙකු විසින් අදාල දැරිය බලහත්කාරයෙන් යතුරු පැදියක නංවාගෙන ජල්තර ප්‍රදේශයේ ඉදි කරමින් පවතින ආදාහනාගාරයක් තුලට ගෙන ගොස් අද (21) සමූහ වශයෙන් දූෂණයට ලක් කර ඇති බව එම දැරිය විසින් සිදුකල පැමිණිල්ලෙහි සදහන් වන බවද පොලිසිය පවසනවා.
මෙම අතවරයට ලක්වූ දැරිය කොස්ගම ප්‍රදේශයේ පදිංචිකාරියක වන බවයි වාර්තා වන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් හංවැල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.