සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය අදයි.
ඊයේ (28) තරගය නිමාවට පත්වන විට සිය දෙවන ඉනිම සඳහා පන්දුවට පහර දෙමින් සිටි නවසීලන්ත කණ්ඩායම කඩුලු 05ක් දැවී ලකුණු 199ක් ලබා සිටියා.
ඒ අනුව නවසීලන්ත කණ්ඩායම ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා තවත් ලකුණු 315ක් පිටුපසින් සිටිනවා.
තරගයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සදහා කඩුලු 05ක් පමණක් බිද වැටී ලකුණු 602ක් ලබා ගැනීමට සමත් වුණා.
කෙසේවෙතත් ප්‍රභාත් ජයසුරිය ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ නවසීලන්ත කණ්ඩායමට සිය පළමු ඉනිමේ දී ලබා ගත හැකි වුයේ ලකුණු 88ක් පමණයි.
එහිදී ප්‍රභාත් ජයසුරිය කඩුලු 06ක් බිඳ දැමු අතර නිෂාන් පීරිස් කඩුලු 03ක් බිඳ හෙළීමට සමත් වුණා.
ඉනිමක පරාජයෙන් බේරීම සඳහා යළිත් පන්දුවට පහර දීම සඳහා පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායම අයහපත් කාලගුණය හේතුවෙන් තරගය නතර කරන විට කඩුලු 05ක් බිද වැටී ලකුණු 199ක් ලබා සිටියා.
පන්දු යැවීමේ දී නිෂාන් පීරිස් කඩුලු 03ක් බිඳ හෙළු අතර ප්‍රභාත් ජයසුරිය සහ ධනංජය ද සිල්වා අතර එක කඩුල්ල බැගින් බෙදී ගියා.