27.9 C
Colombo
Tuesday, May 13, 2025

මට සහය දෙන අයගේ දේශපාලන අනාගතය සුරක්ෂිත කරනවා – රනිල්

- Advertisement -

ඉදිරි ජනාධිපතිවරණයේදී තමන්ට සහය දැක්වීමට ඉදිරිපත්ව සිටින පළාත් සභා හා පළාත් පාලන ආයතනවල හිටපු මහජන නියෝජිතයින් ඇතුළු සියලුදෙනාගේ දේශපාලන අනාගතය සුරක්ෂිත කිරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

මහනුවර ඕක් රේ රීජන්සි හෝටලයේ අද (10) පැවති හිටපු පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ සංසදයේ විශේෂ හමුවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළා.

රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාම වෙනුවෙන් ජනාධිපතිවරයා ආරම්භ කර ඇති වැඩපිළිවෙළ මෙහිදි අගය කළ හිටපු පළාත් පාලන ආයතන ප්‍රධානීන්  ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය තහවුරු කිරිමට කැපවන බවද ප්‍රකාශ කර සිටියා.

හිටපු පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ සංසදයේ යෝජනා ඇතුළත් ලේඛනයක් ද මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබුවා.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග, රාජ්‍ය අමාත්‍යවරුන් වන ලොහාන් රත්වත්තේ, අනුරාධ ජයරත්න, ජානක වක්කුඹුර, හිටපු අමාත්‍ය මනුෂ නානායක්කර යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

RECENT ARTICLES - SINHALA

බස් රථයක් අනතුරක – 20ක් රෝහලේ

වන්දනා ගමනක් යමින් සිටි බස් රථයක් මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. අලදෙණිය, යටිහලගල ප්‍රදේශයේදී අද (12)...

ටීචර් අම්මව හොයන්න පොලිස් කණ්ඩායම් 3ක්

ශිෂ්‍යත්ව උපකාරක පන්ති පවත්වනු ලබන ‘ටීචර් අම්මා‘ හෙවත් හයේෂිකා ප්‍රනාන්දු අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් කණ්ඩායමක් 3 ක් යොදවා ඇති බව පොලීසිය පවසනවා. පොලිසිය පවසන්නේ, සැකකාරිය...

BMW ජීප් රියක් දුම්රියේ ගැටී අනතුරක්: 4ක් රෝහලේ

අහංගම, කබලාන ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයේදී BMW වර්ගයේ ජීප් රථයක් දුම්රියක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. අද (12) දහවල් මෙම අනතුර සිදුව ඇති අතර අනතුර සිදුවන...

POPULAR ARTICLES

බස් රථයක් අනතුරක – 20ක් රෝහලේ

වන්දනා ගමනක් යමින් සිටි බස් රථයක් මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. අලදෙණිය, යටිහලගල ප්‍රදේශයේදී අද (12)...

චමරි අතපත්තුට දඩයක්

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම් නායිකා චමරි අතපත්තුට ඇගේ තරග ගාස්තුවෙන් සියයට 10 ක දඩයක් නියම කර තිබෙනවා. ඒ, දකුණු අප්‍රිකාවට එරෙහිව කොළඹදී පසුගිය සිකුරාදා...