26 C
Colombo
Friday, December 8, 2023

යාපනය වඩුක්කොඩ්ඩෙයි පොලිසියට ආරක්ෂාව

- Advertisement -

යාපනය බන්ධනාගාරය තුලදී සැකකරුවකු මියයාමත් සමගින් ගම්වාසීන් යාපනය වඩුක්කොඩ්ඩෙයි පොලීසියට එරෙහිව විරෝධය පෑම හේතුවෙන් අද (20) දින පොලිස් ස්ථානය අවට දැඩි ආරක්ෂාවක් සැපයීමට පියවර ගෙන තිබෙනවා.

වඩුක්කොඩ්ඩෙයි පොලීසිය මගින් මීට දින 4 කට පෙර කිසියම් සොරකමක් සම්බන්ධයෙන් තරුණයින් දෙදෙනකු අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයේ තබා තිබූ බවයි වාර්තා වන්නේ.

මේ අතර සැකකරුවන්ගේ ඥාතීන් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් යාපනය මානව හිමිකම් කාර්යාලයට පැමිණිළි කිරීමෙන් පසුව වඩුක්කොඩ්ඩෙයි පොලීසිය ඔවුන් මල්ලාකම් අධිකරණය වෙතට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබුණා.

එහිදී ඔවුන් යාපනය බන්ධනාගාරගත කිරීමට මල්ලාකම් අධිකරණයෙන් ලැබුනු නියෝගයකට අනුව යාපනය බන්ධනාගාරයට ඇතුල් කිරීමෙන් පසුව එක් සැකකරුවකු අසනීප තත්වයක් හේතුවෙන් යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මිය ගොස් තිබෙන බවට වාර්තා වනවා

කෙසේ වෙතත් මියගිය සැකකරුගේ ඥාතීන් වඩුක්කොඩ්ඩෙයි පොලීසියට චෝදනා කරමින් පවසා ඇත්තේ පොලීසිය විසින් සිදුකරන ලද පහරදීමෙන් මෙම පුද්ගලයා මෙලෙස මියගොස් ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

වැටුප් වැඩි කරන්න ඔින වැඩ කරන ජනතාවගේ-මහින්ද රාජපක්ෂ

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩි කළ යුත්තේ වැඩ කරන ජනතාවගේ වැටුප් වැඩි කිරීමෙන් අනතුරුව බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා...

හැටන්-කොළඹ මාර්ගයට පස් කන්දක් කඩාවැටී ගමනා ගමනයට බාධා

දියගල ප්‍රදේශයෙන් පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගයේ රථවාහන ධාවනය මේ වනවිට සම්පූර්ණයෙන් අවහිර වී තිබෙනවා. හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙසට පොලීසිය ජනතාවගෙන්...

ජාතික රෝහලේ රුධිර පරික්ෂණ ඇන සිටීමෙන් රෝගින් දැඩි අපහසුතාවයට

කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශයේ රුධිර පරීක්‍ෂ දින තුනක් තිස්සේ නතර වී තිබීමෙන් රෝගීන් දැඩි අපහසුතාවට පත්ව ඇති බව සෞඛ්‍ය වෘත්තිය සමිති පවසනවා. වෘත්තිය...

POPULAR ARTICLES

කටුනායක ගුවන් තොටුපොළට ජපාන රජයෙන් වාහන තොගයක්

ජපාන රජය විසින් කටුනායක ගුවන් තොටුපොළ වෙත ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5 කට අධික වටිනාකමකින් යුතු වාහන තොගයක් අද (05) දින උදෑසන ජල හා මුදවා ගැනීම්...

ලංකා විදුලිබල මණ්ඩලයෙන් විශේෂ නිවේදනයක් 

විදුලි පාරිභෝගිකයන් ලක්ෂ 50කට රතු බිල් යැවීම සම්බන්ධයෙන් පළවූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන්ව ඇත්තේ, විදුලිය පාරිභෝජනය...

දික්කසාදය ගැන විශේෂ අධිකරණ තීන්දුවක්

ශ්‍රී ලංකාවේ දී විවාහ වූ යුවළක් විදෙස් රටක අධිකරණයකින් දික්කසාද වූ විට මෙරටදී එම දික්කසාදය වලංගු බවට අභියාචනාධිකරණය තීන්දු කර තිබෙනවා. ඒ අනුව විදේශයක දී...