24 C
Colombo
Sunday, December 10, 2023

චීන තලෙයිබාන් සබඳතා පළුදු වෙයි

- Advertisement -

චීනය සහ ඇෆ්ගනිස්තානය අතර පැවැති හොද හිත පළුදු වෙමින් ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

ඒ අනුව ඇෆ්ගනිස්තානය වෙත සිදු කරන ආයෝජන හා සහයෝගිතාවන්ට චීනය විරාමයක් තබා ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊට හේතු වී ඇත්තේ චීනයේ ආරක්ෂක අවශ්‍යතා ඉටුකිරීමට තලෙයිබාන් සංවිධානය අපොහොසත් වීම හේතුවෙන්.

ඒ සම්බන්ධයෙන් චීනය තලෙයිබාන් සංවිධානය සමග නොසතුටින් පසුවන බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

පවතින තත්ත්වය අනුව තලෙයිබාන් සංවිධානය සමග ගනුදෙනු කිරීමේදී චීනය අතිශයින් ප්‍රවේශම් සහගත වෙමින් සිටින බව ද වාර්තා වෙයි.

ඒ අනුව චීනය මේවනවිට ඇෆ්ගනිස්තානයේ කිසිදු මහා පරිමාණ ආයෝජනයකට අත නොතබන බව ද පැවසේ.

මාධ්‍ය හමුවකට එක්වෙමින් චීනයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු සදහන් කළේ ETIM නමැති ත්‍රස්ත කණ්ඩායම ඇෆ්ගනිස්තානයෙන් පළවා හැරීමට තලෙයිබාන් සංවිධානය මෙතෙක් ක්‍රියා කර නොමැති බවයි.

ඒ සම්බන්ධයෙන් චීනය දැඩිව කණගාටු වන බව ද ඔහු මාධ්‍ය හමුවේ දී පවසා තිබේ.

කෙසේවෙතත් චිනය හෝ වෙනත් රටක් ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීමට ඇෆ්ගන් භූමිය භාවිත කිරීමට කිසිදු ත්‍රස්ත කණ්ඩායමකට අවස්ථාව ලබා නොදෙන බවට තලෙයිබාන් සංවිධානය දුන් පොරොන්දු ඉටු කරනු ඇතො බවයි චීනය අවධාරණය කර ඇත්තේ.

RECENT ARTICLES - SINHALA

පාරිභෝගිකයින් 80% කගේ විදුලි සැපයුම යථා තත්වයට

මේ වන විට ප්‍රදේශ රැසක විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කර ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. එම මණ්ඩලය සඳහන් කළේ දිවයින පුරා විදුලිය විසන්ධි වූ ප්‍රදේශවලින්...

Breaking : නොරොච්චෝලෙත් බිඳ වැටිලා

නොරොච්චෝලේ බලාගාරයේ පළමු ජනන අක්‍රීය වී තිබෙනවා. ඒ අනුව එහි තුන්වන ජනන යන්ත්‍රය පද්ධතියට එක්කිරීමට පියවර ගත් බව ලංකා විදුලිබල මණ්ඩල‍ය ප්‍රකාශ කළා.

විදුලි සැපයුම ගැන විදුලිබල මණ්ඩල‍යෙන් දැනුම් දීමක්

ජාතික විදුලිබල පද්ධතිය යළි සමතුලිත කර තිබෙනවා. ලංකා විදුලිබල මණ්ඩල‍ය ප්‍රකාශ කළේ ඒ අනුව, 20% ක පිරිසකගේ විදුලිය සැපයුම මේ වන විට යථාතත්ත්වය⁣ට පත් කර...

POPULAR ARTICLES

රට පුරා විදුලිය විසන්ධි වෙයි

මේ වන විට ලංකාව පුරා හදිසි විදුලිය බිඳ වැටීමක් සිදුව ඇති බව විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්න මහතා  පවසනවා. පද්ධතියේ ඇතිවී තිබෙන දෝෂයක්...

සුරාසල් විවෘතව තබන වේලාවේ වෙනසක්

දෙසැම්බර් මස 09 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි සුරාසල් විවෘත කරන හා වසනු ලබන වෙලාව සංශෝධනය කර තිබෙනවා. සුරාබදු ආඥා පනතේ 52 වැනි අධිකාරියේ 32-1...

පුත්තලමේ සනත් නිශාන්තගෙන් විශේෂ ප්‍රකාශයක්

තමන්ට පැනවූ පාර්ලිමේන්තු තහනම සම්බන්ධයෙන් අද (08) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසනවා. දින 14 කාලයක් සඳහා තමන්ට...