25 C
Colombo
Thursday, March 23, 2023

ශ්‍රී ලන්කන් කේටරින් සමාගමේ කොටස් සහ පරිපාලනය විකුණයි

- Advertisement -

ශ්‍රීලන්කන් කේටරින් සමාගමේ සියයට 49ක කොටස් හා එහි පරිපාලනයත්, ගුවන්තොටුපොළ මෙහෙයුම්වලින් සියයට 49ක් හා එහි පරිපාලනයත් ආයෝජකයෙකු වෙත ප්‍රදානය කිරීමට අභිලාෂ කැඳවීමට තීරණය කළ බව විෂයභාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

අදාළ සමාගම්වල සේවකයින්ගේ රැකියා අයිතිවාසිකම් ආරක්ෂා වන පරිදි කොටස් විකිණීම සිදුවන බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

ශ්‍රීලන්කන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් එම අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

“දැනට ලාබ ලබනවා ශ්‍රීලන්කන් සමාගම. ඉතින් අපි ශ්‍රීලන්කන් කේටරින් සමාගමෙන් 49%ක් සහ එහි පරිපාලනය 51%ක් අපිට තියාගෙන එහි පරිපාලනය හෝ එහෙම නැත්නම් ආයෝජකයෙක් තවත් වැඩිපුර ප්‍රමාණයක් ඉල්ලනවා නම්, ඒ ආයෝජකයන්ගේ ඒ අවස්ථාවේ ඉල්ලීම අනුව ඊට වඩා වැඩි ප්‍රමාණයක් හෝ යම් මුදල් ප්‍රමාණයක් ලබාගන්න. ඒ මුදල් ප්‍රමාණය ලබාගත්තහම අපිට ඒ සමාගමේ කොටස් උකස් කරලා අරන් තියෙන ඩොලර් මිලියන 80ත් තව මුදල් ප්‍රමාණයකුත් තව ණයකුත් අපිට ඒකෙන් ගෙවන්න පුළුවන්. එතකොට ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ ණය බර එක් ප්‍රමාණයකට අඩුවෙයි. ඊළඟට දැනට අපේ ground handlingවලදී අපි වෙනම සමාගමක් හදනවා. ඒ සමාගමට අදාළ කාර්ය භාර්යය සහ චංචල හා නිශ්චල දේපළ දීලා, එතැනින් අපිට අවුරුද්දකට මිලියන 5,000ක පමණ ආදායමක් ලැබෙනවා. ඒ නිසා එය අපිට ප්‍රතිව්‍යුහගත කිරීමේ දී අපි හිතනවා සෑහෙන මුදලක් ලබාගන්න පුළුවන් වෙයි කියලා. 49%ක කොටස් දුන්නට කවුරුත් එන්නේ නෑ. ඒ නිසා පරිපාලනය දෙන්න ඕනේ. ඒ සඳහා ලන්සු කැඳවීමක් කරන්න බලාපොරොත්තු වෙනවා. මේකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ වෙන වැඩවලට මුදල් යොදවන්න නෙමෙයි. ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ තියෙන ණය මුදල් ගෙවලා ණය බරින් පුළුවන් ප්‍රමාණයකට මුදවන්න.”

ශ්‍රීලන්කන් සමාලමේ සම්පූර්ණ ණය ඩොලර් බිලියන 1.1 බවට අනාවරණය වී තිබේ.

ශ්‍රීලන්කන් ගුවන් සමාගම 2010 වසරේ දී සංස්ථාගත කරන ලද අතර, එහි බහුතර කොටස් ප්‍රමාණයක් ආරම්භයේ සිටම රජය සතුව පවතී.

2010 වර්ෂයේ සිටම මෙම ආයතනය අතිශය පාඩු ලබන ව්‍යාපාරික ආයතනයක් බවට පත්ව ඇති අතර, 2022 ජනවාරි – මාර්තු කාල සීමාව සඳහා පමණක් ශ්‍රීලන්කන් ගුවන් සමාගම ඉතා සුළු මෙහෙයුම් ලාභයක් පෙන්නුම් කර ඇත.

ශ්‍රීලන්කන් ගුවන් සේවාව ශ්‍රී ලංකාවේ සිට ගමනාන්ත 37ක් සඳහා රටවල් 23ක් ආවරණය කරමින් පියාසර කරන අතර ඔස්ට්‍රේලියාව, ප්‍රංශය, ජර්මනිය, ජපානය, දකුණු කොරියාව හා එක්සත් රාජධානිය වෙත ශ්‍රී ලංකාවේ සිට කෙලින්ම පියාසර කරනු ලබන එකම ගුවන් සේවාවයි.

ශ්‍රීලන්කන් කේටරින් සමාගමේ පසුගිය වසර 10 තුළ ලැබු ලාභය හා අලාභය පහතින් දැක්වේ.


RECENT ARTICLES - SINHALA

Breaking : තැපැල් ඡන්ද යළිත් කල් යයි

0
පළාත් පාලන මැතිවරණ⁣යේ තැපැල් ඡන්දය දැනට නියම කර ඇති දිනවල නොපැවැත්වෙන බව, මැතිවරණ කොමිසම නිවේදනය කරනවා. පළාත් පාලන මැතිවරණය...

ශ්‍රී ලංකන්, හිල්ටන්, ලිට්‍රෝ විකුණා දැමීමට අනුමැතිය..!

0
2023 මාර්තු 13 වැනි දින එළැඹුණු කැබිනට් තීරණයකට අනුව ව්‍යවසායන් කිහිපයක රජය සතු කොටස් ඉවත් කිරීමට තීරණයකට එළැඹ ඇති බව මුදල් අමාත්‍යවරයාගේ...

ඩයනාගේ නඩුව ගැන අධිකරණයෙන් CIDයට නියෝගයක්

0
රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ පුරවැසිභාවයට අදාළ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ආගමන හා විගමන පාලකවරයාගෙන් සහ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස්වරයාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන...

RECENT ARTICLES - ENGLISH

IMF agreement: President hasn’t tabled Letter of Intend, alleges Harsha

0
SJB MP Dr. Harsha de Silva alleged President Ranil Wickremesinghe has not tabled the Letter of Intent with regard to the IMF...

Andrew Tate to spend another month behind bars

0
Controversial influencer Andrew Tate and his brother Tristan will remain in custody in Romania for a fourth consecutive month, a court has...

Trump wants to be handcuffed for court appearance in Stormy Daniels case,

0
Donald Trump has told advisers that he wants to be handcuffed when he makes an appearance in court, if he is indicted...