29 C
Colombo
Saturday, January 18, 2025

ෂෙයික් හසීනා ආපසු එවන්න -බංග්ලාදේශෙන් ඉන්දියාවට ලියුමක්

- Advertisement -

හිටපු අගමැතිනී ෂෙයික් හසීනා වහාම යළි බංග්ලාදේශයට එවන්නැයි එරට නව අන්තර්වාර පාලනය විසින් ඉන්දියාවෙන් ලිඛිත ඉල්ලීමක් සිදු කර තිබෙනවා.

ඒ, ඇයට එරෙහිව බංග්ලාදේශයේ සිදු කෙරෙන අධිකරණ කටයුතු වෙනුවෙන්.

නීති විරෝධී ක්‍රියාවක් සිදුකර ඇතැයි චෝදනා එල්ල වී ඇති පුද්ගලයෙකු වෙනත් රටක පැවැත්වෙන නඩු විභාගයක් සඳහා පිටුවහල් කිරීමේ හෙවත් උදර්පණ ගිවිසුමක් ඉන්දියාව සහ බංග්ලාදේශය අතර ක්‍රියාත්මකයි.

බංග්ලාදේශයේ ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශය සඳහන් කළේ එම ගිවිසුමට අනුව හිටපු අගමැතිනිය යළි බංග්ලාදේශයට ගෙන්වා ගැනීමේ හැකියාවක් පවතින බවයි.

77 හැවිරිදි ෂෙයික් හසීනා ඇයට එල්ල වූ දැඩි මහජන විරෝධය හමුවේ පසුගිය අගෝස්තු 5 වැනි දා සිය ධුරය අත්හැර ඉන්දියාවට පළා ගියා.

ඉන් පසු බංග්ලාදේශයේ පාලනය පැවරුනේ ආචාර්ය මොහොමඩ් යූනුස් ප්‍රමුඛ අන්තර්වාර පාලනයක් යටතටයි.

පසුගියදා ඉන්දීය විදේශ ලේකම්වරයාගේ නිල බංගලාදේශ සංචාරය අතරතුරදී ද හිටපු අගමැතිනිය යළි බංග්ලාදේශයට එවීම සම්බන්ධයෙන් අවධානය යොමුවූ බව විදෙස් වාර්තාවල සඳහන් වුණා.

RECENT ARTICLES - SINHALA

ඊ – ටිකට් ජාවාරමට දුම්රිය සේවකයෙක්ගේ වැඩ තහනම්

දුම්රිය ඊ ප්‍රවේශපත්‍ර ජාවාරමට සම්බන්ධ යයි චෝදනා එල්ල වී සිටින මාකුඹුර දුම්රිය ස්ථානයේ සේවයේ නිරතව සිටි දුම්රිය සේවකයෙකුගේ සේවය අත්හිටුවීමට පියවර ගත් බව දුම්රිය...

සඟවා තිබූ ජීප් රථයක් හා වාහන චැසි දෙකක් සොයා ගැනේ

කූඨ ලේඛණ සකස් කර භාවිත කළ තවත් ජීප් රථයක් හා වාහන චැසි දෙකක් මාතලේදී අත්අඩංගුවට ගැනුණා. දින කිහිපයකට පෙර මාතලේ ප්‍රදේශයේදී ජීප් රථ කිහිපයක් සමග...

දේශපාලන සිරකරුවන් දැන්වත් නිදහස් කළ යුතුයි

පැරැණි ප්‍රශස්ති පසෙක තබා දෙමළ දේශපාලන සිරකරුවන්ව වත්මන් ආණ්ඩුව නිදහස් කළ යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මනෝ ගනේෂන් මහතා පවසනවා. දේශපාලන සිරකරුවන් යැයි...

POPULAR ARTICLES