28 C
Colombo
Thursday, April 25, 2024

ඩොලර් බිලියනයක මැණික් රට යවනවා..! – SB

- Advertisement -

මේ වන විට ඇමරිකානු ඩොලර් මිලියන 265 ක් වන මැණික් අපනයන ආදායම මේ වසරේදී ඇමරිකානු ඩොලර් බිලියනයක් දක්වා ඉහළ නැංවීමට කටයුතු කරන බව කර්මාන්ත අමාත්‍ය එස්. බී. දිසානායක මහතා පවසනවා.

ඒ, අද (23) දින කොළඹ තැපැල් මූලස්ථානයේදී මාර්ගගත ක්‍රමය ඔස්සේ මැණික් හා ස්වර්ණාභරණ ජාත්‍යන්තර වෙළඳපළ වෙත අපනයනය කිරීමේ සමාරම්භක උත්සවයට සහභාගි වෙමින්.

මැණික් හා ස්වරණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් මෙම මාර්ගගත ක්‍රමය තැපැල් දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා රේගුව සමඟ එක්ව ක්‍රියාවට නංවන අතර ඒ හරහා ඇමරිකානු ඩොලර් 3000 ට අඩු වටිනාකමක් ඇති මැණික් හා ස්වර්ණාභරණ මාර්ගගත ක්‍රමය ඔස්සේ ජාත්‍යන්තර ගැනුම්කරුවන් වෙත විකිණිමේ අවස්ථාව මැණික් කර්මාන්තකරුවන්ට හිමිවන බවයි පැවසෙන්නේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය එස්. බී. දිසානායක මහතා,

“අද දින දියත්කරන මෙම මාර්ගගත ක්‍රමය හරහා ජාත්‍යන්තර වෙළඳපළට පිවිසීමට වැඩි අවස්ථාවක් උදා වෙනවා. මෙය අප රටට ලැබෙන විදේශ විනිමය ප්‍රමාණය වැඩිකර ගැනීමට ඉතා හොඳ අවස්ථාවක්. වර්තමානයේ අප මුහුණ දී තිබෙන විදේශ විනිමය ගැටළුවට හොඳ පිළියමක්. මේවන විට වසරකට ඩොලර් මිලියන 265 ක පමණ අපනයන ආදායමක් තමයි මැණික් හා ස්වර්ණාභරණ අපනයනයෙන් ලැබෙන්නේ. නමුත් මෙම online ක්‍රමය භාවිතය හරහා අපගේ මැණික් අපනයනය වැඩිකරගනිමින් මැණික් හා ස්වර්ණාභරණ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියනයක් දක්වා වැඩිකර ගැනීමට හැකියාවක් තිබෙනවා.

පසුගිය කොවිඩ් වසංගත සමයේ අපගේ අනිකුත් අපනයන කටයුතු මෙන්ම මැණික් හා ස්වර්ණාභරණ අපනයනය ද පසුබෑමකට ලක්වුණා. නමුත් මේ තත්වය දැන් වෙනස් වෙමින් පවතිනවා. අපේ මැණික් වලට ජාත්‍යන්තරයේ ඉතා ඉහළ පිළිගැනීමක් තිබෙනවා. මගේ පෞද්ගලික විශ්වාසය නම් අපේ රටේ පොළව යට ඇති මේ වටිනා සම්පතින් 10% ක ප්‍රමාණයක්වත් තවම අප ප්‍රයෝජනයට ගෙන නැති බවයි. පොළව මතුපිට ඇති වනාන්තර, නගර, ගොඩනැගිලි තිබියදී නවීනතම තාක්ෂණය භාවිතාකොට පොළව යටින් ගොස් මේ වටිනා සම්පත මතුකරගෙන අපේ රටට වැඩිවැඩියෙන් විදේශ විනිමය ගෙන එන ලෙස මම අපේ රටේ මැණික් කර්මාන්තකරුවන්ට ආරාධනා කරනවා.”

RECENT ARTICLES - SINHALA

හොර ඒජන්සිවලට වැඩවරදියි

විදේශ රැකියා ලබාදෙන බව පවසමින් නීති විරෝධී ලෙස මුදල් එක් කරන පුද්ගලයින් තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස කම්කරු සහ විදේශ රැකියා...

ඉරාන සහ ලංකාව අතර ගිවිසුම් 05ක්

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තබා තිබෙනවා. මෙම අවබෝධතා ගිවිසුම් මගින් දෙරට අතර චිත්‍රපට කර්මාන්තය,...

රිලා ගහනය අඩු කරන්න පේරෙන් ලුපයක්

රිළා ගහනය අවම කිරීමේ පර්යේෂණ ප්‍රතිඵලයක් ලෙස රිළවියක ගේ ගර්භාෂයේ ලූපයක් තැන්පත් කිරීම අද (24) පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ දී සාර්ථකව සිදු කරනු...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...